Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මිලියන 87කට ආසන්න ගිණුම් හිමියන්ගේ පුද්ගලික තොරතුරු වලට බලපෑමක් සිදු වී ඇති බව Facebook සමාගම පිළිගනී (SBS සිංහල/ වාර්තා)

Mark Zuckerberg, chairman and CEO of Facebook

Mark Zuckerberg, chairman and CEO of Facebook Source: AAP

Cambridge Analytica මතභේදාත්මක සිද්ධියේදී Facebook ගිණුම් හිමියන් මිලියන 87කට ආසන්න  පිරිසකගේ පුද්ගලික තොරතුරු Cambridge Analytica සමාගම  සමග අයතා ලෙස හුවමාරු වී ඇති බව Facebook ආයතනය පවසයි.

බ්‍රිතාන්‍යයේ ස්ථාපිත දේශපාලනික කටයුතු පිළිබද උපදේශන සමාගමක් වන Cambridge Analytica සමාගම  Facebook ගිණුම් හිමියන් මිලියන 50කට ආසන්න  පිරිසකගේ පුද්ගලික තොරතුරු අයතා  ලෙස භාවිත කර ඇති බව මීට  පෙර මාධ්‍ය වාර්තා කර තිබුනත්, Facebook ආයතනයේ අලුත්ම ප්‍රකාශයට අනුව එය ඊට වඩා  ඉතා ඉහල අගයක් ගන්නා  බව සදහන්.

සිදුවී ඇති වරද පිලිබදව සම්පුර්ණ වගකීම තමන් භාරගන්නා බවත්, ඉදිරියේදී එවන් සිද්ධීන් ඇති නොවීමට වග බලා  ගන්නා  බවත් Facebook නිර්මාතෘ Mark Zuckerberg  මේ පිලිබදව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් බිලියන 2කට ආසන්න  ගිණුම් හිමියන් සංඛ්‍යාවක් සිටින සමාජ ජාලය  මෙහයවීමට  සුදුසුම පුද්ගලයා තමන් බව ඔහු තවදුරටත් විශ්වාශ කරන බවද ඔහු මාධ්‍යවේදීන් හමුවේ වැඩි දුරටත් සදහන් කර තිබිණි.

Facebook සාමාජ  ජාලය  ලෝකයට අලුත් සංකල්පයක් බවත්, එවැනි අලුත් සංකල්පයකදී මෙවැනි වැරදි සිදු විය හැකි බවත් Mark Zuckerberg වැඩි දුරටත් මෙම මාධ්‍ය හමුවේදී සදහන් කළේය. එම වැරදි මගින් අත්දැකීම් ලබාගනිමින්  ඉදිරියට යාම තම බලාපොරොත්තුව බවත් ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

Cambridge Analytica සිද්ධියේදී පුද්ගලික තොරතුරු වලට හානි විය හැකි උපරිම ගිණුම් හිමියන්ගේ සංඛ්‍යාව මිලියන 87ක් බවට තමන්ට සහතික විය හැකි බවත් Facebook නිර්මාතෘ Mark Zuckerberg අවධාරණය කරයි.

කෙසේ වෙතත් මේ සදහා ප්‍රතිචාර දක්වමින් Cambridge Analytica ආයතනය පවසන්නේ තමන් මේ සදහා යොදාගෙන ඇත්තේ පුද්ගලයින්ගේ මිලියන 30ක් ගේ දත්ත බවයි. මිලියන 87 කගේ දත්ත තම අධ්‍යනය සදහා යොදාගෙන නොමැති බව එම ආයතනය වැඩි දුරටත් සදහන් කරයි.

තවද තම ගිණුම් හිමියන්ගේ විශ්වාශය දිනා  ගැනීමට Facebook ආයතනයට ඉතා දීර්ඝ කාලයක් ගත වූ බවත්, එම නිසා තම ආයතනය සහ අනෙකුත් ආයතන සමග පවත්වන සබදතා පිලිබදව නැවතත් සිතා  බලා  කටයුතු කරන බව Mark Zuckerberg වැඩි දුරටත් සදහන් කරයි.

තවද රුසියානු IRA සංවිධානයේ අනුදැනුමෙන් Facebook හරහා, ඇමරිකානු ජන්ද දායකයින් පිළිබද තොරතුරු ලබාගැනීමට උත්සාහ  කිරීම පිළිබද සිද්ධියක් මාධ්‍ය වාර්තා කර තිබු අතර, අදාල සිද්ධියට සම්බන්ද බව සැකකරන facebook ගිණුම් සහ Instagram ගිණුම් 270කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමට පියවර ගත්  බව Facebook සමාගම පවසයි.


2 min read

Published

Updated

By Sanjaya Dissanayake

Source: AFP, SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now