ඊයේ දිනයේදී (ජුලි 26 බ්‍රහස්පතින්දා) ඇමරිකානු කොටස් වෙළදපොළ තුල facebook සමාගමේ කොටස් මිළ ගණන් ඉතා සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව වාර්තා වෙයි. එදින තුල ඵචෙබූක් කොටස් මිළ සියයට 19කින් පහත වැටී ඇති අතර ඒ නිසා සිදු වී ඇති පාඩුව ඇමරිකානු ඩොලර් බිලියන 100කට ආසන්න බව සදහන්. Facebook සමාගමේ මෙම කොටස් මිල පහත වැටීම නිසා සමස්ත ඇමරිකානු Nasdaq කොටස් වෙළදපොළ තුල සියයට 1ක පහත වැටීමක් දක්නට ලැබුනත් යුරෝපා සංගමය සහ ඇමරිකා එකසත් ජනපදය අතර ඇති වූ වෙළද එකගතාවයන් හේතුවෙන් නැවතත් කොටස් වෙළදපොල ගනුදෙනු වල වර්ධනයක් දක්නට ලැබුණු බව සදහන්.
පුද්ගලිකත්වය සුරැකීම සහ ආරක්ෂාව සම්බන්දයෙන් Facebook ගත් පියවර
පුද්ගලිකත්වය සුරැකීම සහ ආරක්ෂාව (privacy and security) සම්බන්දයෙන් Facebook මෑතකදී ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් මෙලෙස ඔවුන්ගේ කොටස් මිළ ගණන් අඩු වී සමාගමේ ලාභයය අහිතකර බලපෑම් එල්ල වී ඇති බව එම සමාගම පවසයි.
වයස 25ට අඩු Facebook භාවිත කරන අයගේ අඩුවීමක්

Facebook සමාගම මුල්‍යමය වශයෙන් පාඩු ලබනු ඇති බවට මීට පෙර අනාවැකි පලවී තිබු අතර, එම අනාවැකි ආයෝජකයින්ගේ තීරණ වෙනස් කිරීමට හේතු වන්නට ඇති බව තම විශ්වාශය බව Syracuse විශ්ව විද්‍යාලයේ සන්නිවේදනය සහ වෙළද ප්‍රචාරණය පිළිබද මහාචාර්ය Brian Sheehan පවසයි. තවද පුද්ගලිකත්වය සුරැකීම සහ ආරක්ෂාව සම්බන්දයෙන් Facebook සමාගම ගත් තීරණ වලට අමතරව Facebook වෙබ් අඩවිය සමග ගනුදෙනු කරන වයස අවුරුදු 25ට අඩු අයගේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබුණු බවත් එම කාරණා ආයෝජකයින් සමාගමෙන් ඉවත්වීමට බලපාන්නට ඇති බවත් මහාචාර්ය Brian Sheehan වැඩි දුරටත් සදහන් කරයි.
Facebook වෙබ් අඩවිය සමග අලුතෙන් සම්බන්ද වන පිරිස වර්ධනය වන ඔවුන් සදහන් කලත් අපේක්ෂිත අයුරින් එය වර්ධනය නොවන බව සදහන්. මාසයක් තුල ක්‍රියාකාරී Facebook ගිණුම් හිමියන්ගේ සංඛ්‍යාව සියයට 11 කින් බිලියන 2.23 දක්වා වැඩි වී තිබුනද, ඔවුන් අපේක්ෂා කල සංඛ්‍යාව බිලියන 2.25 ක් බව සදහන්.
Facebook වෙබ් අඩවිය හරහා අයුතු සදාචාරත්මක නොවන කරුණු ප්‍රචාරය කිරීම වර්ධනය වීමත් සමග, ස්වයංක්‍රීය පරිගණක තාක්ෂනය මගින් එය පාලනය කිරීම අපහසු බව එම සමාගමට ඒත්තු යාමත් සමග ඒසදහා වැඩියෙන් මිනිස් ශ්‍රමය යෙදවීමට සිදුව ඇති බව තාක්ෂණික විශ්ලේෂකයෙකු වන Richard Windsor පවසනවා. මෙවැනි කාරණා නිසා සමාගමේ වියදම් වැඩි වී ඇති බවද ඔහු පෙන්වා දෙනවා.

Cambridge Analytica සිද්ධියත් සමගින් Facebook වෙබ් අඩවිය සතු එහි ගිණුම් හිමියන්ගේ පුද්ගලික තොරතුරු පිළිබද රහස්‍ය භාවය පිළිබද දැඩි මතභේදකාරී තත්වයක් මතුවූ අතර, ඊට අමතරව වැරදි තොරතුරු ප්‍රචාරය වීම සහ අපහාසාත්මක තොරතුරු සංසරණය වීම නිසා ඇතිවූ විවිධ සමාජ ගැටළු නිසාද Facebook සමාගමට චෝදනා එල්ල විය. කෙසේ වෙතත් මේ පිලිබදව අදහස් දක්වමින් Facebook ප්‍රධාන විධායක Mark Zuckerberg සදහන් කලේ මෙම දෝෂ නිවැරදි කිරීමට තම සමාගම ඉතා විශාල ආයෝජනයක් සිදු කර ඇති බවයි.

