SKIP TO MAIN CONTENT

Harvey සුළි කුණාටුවෙන් පසුව Texas වෙරළට අද්භූත සත්ත්වයෙකු ගොඩ ගසයි. (වීඩියෝ)

Faceless creature found on Texas beach after Hurricane Harvey
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

Harvey සුළි කුණාටුවෙන් අනතුරුව දළ සහිත මුත් නියමිත මුහුණක් නොමැති  අද්භූත සත්ත්වයෙකුගේ නරක් වූ මළ සිරුරක් ඇමෙරිකාවේ Texas වෙරළට ගොඩගසා ඇති බව වාර්තා වේ.

National Audubon Society නමැති පරිසර සංවිධානයේ Preeti Desai නමැති තරුණිය විසින් මෙම සත්ත්වයාගේ මළ සිරුරෙහි ඡායාරූප කිහිපයක් සමාජ ජාල වෙත යොමු කරමින් "ඔහුගේ අනන්‍යතාව කුමක්දැයි" ප්‍රශ්න කර තිබේ.

Faceless creature found on Texas beach after Hurricane Harvey
Source: SBS

මෝරෙකුගේ වැනි තියුණු දත් සහිත අසාමාන්‍ය දිගකින් යුත් මෙම සත්ත්වයා ආඳ විශේෂයකට අයත් වීමට ඉඩ ඇති බව ජීවවිද්‍යාඥ Kenneth Tighe පවසා ඇත.

ඇතැම් ආඳ විශේෂ සෙන්ටි මීටර් 120 ක් දක්වා දිගකට වැඩීමට හැකි බව ඔහු පෙන්වා දෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now