Fair Work Ombudsman වෙතින් සේවකයින්ට නවතම App එකක්.

Fair Work Ombudsman released a new app for Australian Workers.

A Fair Work Ombudsman office Source: Fair Work Ombudsman

ඔස්ට්‍රේලියාව පුරා සිටින තරුණ හා සංක්‍රමණික සේවකයින්ගේ නිරන්තර ගැටළුවක් වන අඩු වැටුප් ගෙවීමේ ගැටළුව නිරීක්ෂණය කිරීමට Fair Work Ombudsman විසින් නව App එකක් හඳුන්වා දී තිබේ.

“Record My Hours” නමැති මෙම App එක මගින් අදාළ සේවකයා තම සේවා ස්ථානයට වාර්තා කළ වේලාව මෙන්ම පිටවූ වේලාව ද සටහන් කරගනිමින් සේවයේ නියුතු මුළු පැය ගණන, ගණනය කරනු ඇත.

වර්තමානයේ භාවිත කරනු ලබන “geofencing” හෙවත් “භූ සීමා” තාක්ෂණය මේ සඳහා යොදා ගැනේ.

සේවා යෝජකයින් හට තම සේවකයින්ගේ සේවා පැය  ගණන් නැතිවූ අවස්ථාවකදී පවා මෙම දත්ත භාවිතා කළ හැකි බව Fair Work Ombudsman, Natalie James පැවසුවාය.

තම සේවා ස්ථාන වල සේවා මුර ලේඛන හා සේවා අනුබද්ධ පණිවිඩ යැවීමටද මෙය භාවිතා කළ හැකි බවත්, එනිසා මෙයින් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා ලෙසත් Fair Work Ombudsman, Natalie James පැවසුවාය.


1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now