SKIP TO MAIN CONTENT

Fairfax Ipsos නවතම මත විමසුමට අනුව කම්කරු පක්ෂය තවමත් ඉදිරියෙන්.

Fairfax Ipsos poll
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

Fairfax මාධ්‍ය ජාලය විසින් පවත්වනු ලබන Ipsos මත විමසුමේ නවතම ප්‍රතිඵල වලට අනුව කම්කරු පක්ෂය තවමත් ලිබරල් පක්ෂයට වඩා ඉදිරියෙන් සිටියි.

නමුත් පක්ෂ දෙක අතර පැවති විශාල පරතරය මෙවර කුඩාවී ඇති බවද වාර්තා වේ.

මෙවර මත විමසුමේදී කම්කරු පක්ෂයට 52% ක ජනතා මනාපයකුත් ලිබරල් පක්ෂයට 48% වක ජනතා මනාපයකුත් හිමිවී තිබේ.

නමුත් පසුගිය මාසයේ පැවති මත විමසුමේදී 55 ට 45 ක් ලෙස  කම්කරු පක්ෂය, ලිබරල් පක්ෂයට වඩා ඉදිරියෙන් සිටියේය.

එමෙන්ම මුස්ලිම් වැසියන්ගේ ආගමනය මත බෙදීමක් ඇතිවී ඇති බවද නවතම දත්ත පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව එම මට්ටමේ හෝ තවත් ඉහළ දැමිය යුතු බවට 49% ක ප්‍රතිශතයක් පවසා තිබුණු අතර 46% ක් කියා සිටියේ වාර්ෂික සංක්‍රමණික කෝටාව පහත දැමිය යුතු බවය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now