SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු අගමැති මොරිසන් ගේ මෝටර් රථය ට ව්‍යාජ ලේ ප්‍රහාරයක්

The Prime Minister's car is seen smeared in fake blood at the University of Queensland
موتر اسکات موریسن در دانشگاه کوینزلند Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

විරෝධතාවක් අතරතුර සරණාගත අයිතිවාසිකම් ක්‍රියාකාරීන් විසින් ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison ගේ මෝටර් රථයට රතු පැහැති තීන්ත වීසි කර තිබේ.

ඒ සිදුවීමත් සමග එවෙලෙහි අගමැති මොරිසන් සිටි ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාල ගොඩනැගිල්ලෙන් ඔහුව වහා ඉවතට ගෙන පිටත් කර හැරීමට ක්වීන්ස්ලන්ත පොලිසිය කටයුතු කර තිබේ.

ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ ඔස්ට්‍රේලියානු ජෛව ඉංජිනේරු විද්‍යාව හා නැනෝතාක්ෂණික ආයතනයේ කොටසක් ද රතු පැහැති තීන්ත ගලවා ඇති බව අදාළ ස්ථානයේ සිට සමාජ මාධ්‍ය වෙත යොමු කරන ලද ඡායාරූප වලින් පෙනී යයි.

A security guard is seen guarding a door that has been smeared in fake blood
محافظ امنیتی در حال محافظت از دری که به روی آن بنر خونین معترضان چسپانده شده است. Source: AAP

මේ අතර ව්‍යාජ රුධිරයෙන් තෙත් කළ බැනරයක් මත "I'm sorry I came here by boat, I'm sorry for seeking safety" යනුවෙන් වැකියක්ද එම ස්ථානයේ ප්‍රදර්ශනය කර තිබෙන අයුරු අදාළ ඡායාරූප වලින් දැක්වෙයි.

සරණාගත අයිතිවාසිකම් සුරැකීම සඳහා කටයුතු කරන ක්‍රියාකාරීන් විසින් මෙම ක්‍රියාව සිදුකර ඇති බවට පැවසේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now