SKIP TO MAIN CONTENT

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අතරතුර ශ්‍රී ලාංකික පවුල් වලට නවාතැන් පහසුකම් ලබාදෙන ලෙස ඉල්ලා යැවූ ව්‍යාජ ලිපියක් පිළිබද පරීක්ෂණ

A landmark for the Gold Coast Commonwealth Games at Southport
The fifth official ambassador for the Gold Coast 2018 Commonwealth Games is set to be revealed. (AAP) Source: AAP

2 min read

Published

By Sanjaya Dissanayake

Source: Nine Network



Skip to article content

එළඹෙන අප්‍රේල් මාසයේ ඕස්ට්‍රේලියාවේ Gold Coast හීදී පැවැත්වෙන පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙල අතර තුරදී ශ්‍රී ලාංකික පවුලකට නවාතැන් දීමට සුදුසකම් ලබා ඇති බව පවසමින් Gold Coast හී  නිවැසියෙක් වෙත යවන ලද ව්‍යාජ ලිපියක් පිලිබදව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත පොලිසීය  පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සදහන්. Gold Coast  පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ලිපි ශීර්ෂයක Gold Coast  පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සභාපති Peter Beattie මහතාගේ නමද සදහන්ව යවා  ඇති මෙම වර්ගවාදී ලිපිය ව්‍යාජ ලිපියක් බව  Peter Beattie මහතාද ප්‍රකාශ කර තිබේ.

 

මෙම ව්‍යාජ ලිපිය Gold Coast හී  නිවැසියන්ගේ තැපැල් පෙට්ට්ටි වල තිබී හමු වී ඇති බවත් එය වැඩි දුර පරීක්ෂණ සදහා ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත පොලිසියට භාර දී ඇති බවත් සදහන්.

 

සාමාජිකයින් 11 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකික පවුලකට නවාතැන් ලබා දීමේදී අවශ්‍ය කිරි සපයා ගැනීමට කිරි දෙවිය  හැකි එළුවන් දෙදෙනෙකුද ලබාදෙන බව මෙම ලිපියේ සදහන්. තවද අදාල  නිවෙස් හිමියන්ගේ පහසුව සදහා තුන පහ,  සහල්, කුකුල් මස් සහ කිරි පිටිද සපයා දීමට කටයුතු කරන බව වැඩි දුරටත් මෙම ව්‍යාජ ලිපියේ සදහන්. “United by the Moment, Share Your Home නම් බහු සංස්කෘතික වැඩසටහන යටතේ  මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක බවටත් මෙම ව්‍යාජ ලිපියේ තොරතුරු ඇතුලත් වී තිබේ.

Fake letter
Source: Reddit_PaulTendrils

(Gold Coast හී  නිවැසියෙක් වෙත ලැබී ඇති ව්‍යාජ ලිපිය)

 

කෙසේ වෙතත් මෙම ලිපිය ව්‍යාජ ලිපියක් බවත් එහි අඩංගු කරුණු කෙරෙහි අවධානය යොමු නොකරන ලෙසත්  පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සභාපති Peter Beattie මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

 

 අදාල ලිපිය කවුරුන් විසින් යවන ලද්දක්ද සහ එහි අරමුණු මොනවාදැයි සොයා බැලීමට ක්වීන්ස්ලන්ත පොලිසීය වැඩි දුරටත් පරීක්ෂණ පවත්වන බව මාධ්‍ය වාර්තා සදහන් කරයි.

 

තවද පසුගියදා Gold Coast පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ප්‍රවේශ පත්‍ර වැරදි දින සහිතව අදාල ප්‍රවේශ පත්‍ර මිලදී ගත්  අයට  තැපැල් කර යැවීමද මත භේදයට ලක්ව ඇති අතර, සමාරම්භක උළෙලේ ප්‍රවේශ පත්‍ර 14,000ක් පමණ මෙලෙස වැරදි දින සහිතව යවා  ඇති බව වාර්තා වෙයි. අදාල සමාරම්භක උළෙල අප්‍රේල් 4 බදාදා පැවැත්වීමට නියමිත වුවත් ප්‍රවේශ පත්‍ර වල එය සදහන්ව ඇත්තේ  අප්‍රේල් 4  බ්‍රහස්පතින්දා ලෙසයි. මෙය අත්වැරදීමක් බවත් අදාල ප්‍රවේශ පත්‍ර සමාරම්භක උළෙල සදහා වලංගු බවත් පොදු රාජ්‍ය  මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සංවිධායක මණ්ඩලය පවසයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now