Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ childcare ගාස්තු වැඩි සහ පොරොත්තු කාලය දීර්ග බවට දෙමාපියන්ගෙන් පැමිණිලි, ඔබෙත් අදහස් දක්වන්න

තම childcare ගාස්තු තමන්ගේ ආර්ථිකයට 'තරමක බරක්' බව ඇතැම් දෙනා මෙම සමීක්ෂණයට පවසා ඇති අතර බහුතරයක් දෙනා childcare ගාස්තු ගෙවීමට අරගල කරන බව පවසා තිබුණි.

Childcare

Parents sending children to childcare are now guaranteed a 90 per cent subsidy for three days a week, without completing any eligibility test Source: AAP

ඔස්ට්‍රේලියාවේ දෙමාපියන් අතිශයින් මිල අධික childcare ගාස්තු සමඟ පොරබදමින් සිටින අතරේ childcare වල ළමුන් සඳහා පුරප්පාඩු නොමැතිවීම හේතුවෙන් නැවත රැකියාවට යාම ප්‍රමාද වී ඇති බව දෙමාපියන් සහ භාරකරුවන් පවසයි.

ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම විසින් සිදුකළ නවතම සමීක්ෂණයකදී මේ බව හෙළිවී තිබේ.

ඉහළ ගාස්තු සහ වසරකට වැඩි පොරොත්තු කාලයක්

තම childcare ගාස්තු තමන්ගේ ආර්ථිකයට 'තරමක බරක්' බව ඇතැම් දෙනා මෙම සමීක්ෂණයට පවසා ඇති අතර බහුතරයක් දෙනා childcare ගාස්තු ගෙවීමට අරගල කරන බව පවසා තිබුණි.

පසුගිය මාස දොළහ තුළ ඔවුන්ගේ ගාස්තු වැඩි වී ඇති බව සියලුම පවුල් පාහේ පැවසූහ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

මේ අතර තවත් බොහෝ පවුල් තම දරුවාට childcare මධ්‍යස්ථානයක ස්ථානයක් සුරක්ෂිත කර ගැනීම සඳහා වසරකට පමණ පෙර childcare පොරොත්තු ලේඛනවලට තම තොරතුරු ඇතුළත් කර ඇති බවත් බොහෝ අවස්ථාවලදී දරුවා ඉපදීමට පෙරම එම කටයුත්ත කර ඇති බවත් මෙම සමීක්ෂණයට බොහෝ දෙමාපියන් පවසා තිබුණි.

එසේ තිබියදීත්, තමන්ට අවශ්‍ය වූ විට childcare මධ්‍යස්ථානයක සේවාව ලබා ගැනීමට නොහැකි වූ බවත්, එනිසාම වැටුප් සහිත රැකියාවට හෝ අධ්‍යාපනයට නැවත පැමිණීම ප්‍රමාද වූ බවත්, නැතහොත් තමන්ගේ රැකියා කරන කාලය අඩු කිරීමට හේතු වූ බවත් බොහෝ පවුල් තවමත් පවසයි.

ආබාධ සහිත දරුවන්ව childcare මධ්‍යස්ථාන ප්‍රතික්ෂේප කිරීම

ආබාධ සහිත තම දරුවා සඳහා childcare සේවාව ලබාගැනීම පිණිස childcare සේවා සපයන්නන් වෙත පැමිණි විට ඔවුන්ව ප්‍රතික්ෂේප කරන බව ඇතැම් පවුල් පවසා තිබුණි.

ආබාධ සහිත තම දරුවාට උපකාර කිරීම සඳහා childcare සැපයුම්කරුවෙකු සොයා ගැනීම ඉතා අපහසු බව තවත් පවුල් පැවසුහ.

ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමේ සමීක්ෂණය

මේ වන විට පවුල් 2000 කට වැඩි පිරිසක් මෙම Childcare සමීක්ෂණයට ප්‍රතිචාර දක්වා ඇති අතර, ලබන මාසයේ එහි අතුරු වාර්තාව ලබාදීමට ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම සූදානම් වේ.

"ගුණාත්මක සහ දැරිය හැකි Childcare සේවාවක් සඳහා ප්‍රවේශ වීමේදී ඔවුන්ගේ අත්දැකීම් ගැන අපට පවසන ලෙස අපි වැඩි වැඩියෙන් දෙමාපියන්ගෙන් සහ භාරකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා" යනුවෙන් ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමේ සභාපති, Gina Cass-Gottlieb පැවසුවාය.

"අපි විශේෂයෙන්ම ක්වීන්ස්ලන්තයේ සහ ටස්මේනියාවේ ජීවත් වන දෙමාපියන්ගේ සහ භාරකරුවන්ගේ අදහස් ඇසීමට බලාපොරොත්තු වෙනවා." යනුවෙන්ද ඇය කියා සිටියාය.

මෙම Childcare සමීක්ෂණය ජුනි 4 වන දින අවසන් වන අතර මේ සඳහා තවත් පවුල්වලට සහභාගී වන ලෙස ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම ඉල්ලා සිටී.

වයස අවුරුදු 0-13 දරුවන් සිටින පවුල් සඳහා හෝ වයස අවුරුදු 0-18 ආබාධ සහිත දරුවන් සඳහා ඔවුන්ගේ දෙමාපියන්ට මෙයට තම අදහස් දැක්විය හැකිය.

මෙම සමීක්ෂණය නිර්නාමිකව සම්පූර්ණ කළ හැකිය.

සමීක්ෂණය අවබෝධ කර ගැනීමට සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමට උපකාර කිරීමට කැමති භාෂාමය වශයෙන් විවිධ වූ ප්‍රජාවන්ගේ දෙමාපියන්ට සහ භාරකරුවන්ට 131 450 දුරකතනය ඔස්සේ භාෂා පරිවර්තන සේවාව ඇමතීමට හැකිය.


3 min read

Published

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now