ක්‍රිකට් ක්‍රීඩක Phillip Hughes ගේ මරණය පිළිබද වැඩිදුර විස්තර සොයා බැලීමට විශේෂ විමර්ශනයක් පසුගියදා (ඔක්තෝබර් 10දා ) සිඩ්නි නුවරදී ආරම්භ වූ අතර, දින 5ක් තිස්සේ ක්‍රියාත්මක වූ මෙම විශේෂ මරණ විමර්ෂණය පසුගියදා නිමාවට පත් විය.
2014 වසරේ SCG ක්‍රීඩාංගනයේ පැවති Sheffield Shield තරගයක් අතර තුර පන්දුවක් හිසේ වැදීම හේතුවෙන් Phillip Hughes ජිවිතක්ෂයට පත් වූ අතර, මෙම මරණය වලක්වා ගැනීමට ඉඩ තිබුණාදැයි සොයා බැලීම මෙම විශේෂ විමර්ශනයේ අරමුණ වී තිබිණි. ක්‍රිකට් ක්‍රීඩකයින්, Phillip Hughes ගේ පවුලේ සාමාජිකයින්, ක්‍රිකට් නිලධාරීන් ඇතුළු සිද්ධියට සම්බන්ධ පාර්ශව කීපයක් මෙම විමර්ශනයේදී අදහස් දැක්වීය.
මෙම විමර්ශනයේදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ Kristina Stern සදහන් කලේ ක්‍රීඩාව සිදු කල විලාශය Phillip Hughes ගේ මරණයට හේතුවක් ලෙස සදහන් කල නොහැකි බවයි. එලෙස අවධානම ඉහල තත්වයට පත් කරන සිද්ධි කිසිවක් තරගය තුල දක්නට නොලැබෙන බවත් ඇය මෙහිදී සදහන් කර තිබිණි. මෙය හදිසි අනතුරක් ලෙස සිදු වූ මරණයක් ලෙස අවසන් නිගමනයකට එලබිය හැකි බවත් ඇය මෙහිදී සදහන් කලාය. ජ්‍යෙෂ්ඨ නීතිඥ Kristina Stern ගේ ප්‍රකශය පිලිබදව විමර්ශනයට එක්ව සිටි Phillip Hughes ගේ පවුලේ සාමාජිකයින් කැලඹීමට පත් වූ මාධ්‍ය වාර්තා කර තිබු අතර, වැඩි දුරටත් ය සදහන් කලේ ක්‍රීඩකයින්ගේ බෙල්ල ප්‍රදේශයේ ආරක්ෂාව පිලිබදව ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය තවත් පර්යේෂණ සිදුකල යුතු බවයි.
පන්දු යැවීමේ ඉරියව්ව අනතුරට හේතුවක් නොනැව බව ජ්‍යෙෂ්ඨ නීතිඥ Kristina Stern සදහන් කල අතර ඒ සමග එකග නොවන බව Hughes පවුලේ නීතිඥ Greg Melick විමර්ශනයේදී සදහන් කළේය. කෙටි පඬි යොමු කිරීම ක්‍රීඩාවේ නීති රීති වල අනුකූල කාරණයක් බව තමන් පිළිගන්නා නමුත්, පිට පිට කෙටි පන්දු නවයක් යොමුකිරිම අනුමත කල නොහැකි බවත් ඔහු මෙහිදී සදහන් කර තිබිණි. මෙම විමර්ශනයේදී අදහස් දැක වූ තරග විනිසුරු වරුන් ප්‍රකශ කර තිබුනේ ක්‍රීඩාවේ නීති රීති වලට අනුකුලව සාධාරණ අයුරින් එම තරගයේදී පන්දු යවා තිබුණු බවයි. මෙම තරගයේදී Phillip Hughes ගේ හිසේ වැදුණු පන්දුව යොමුකළ ක්‍රීඩක Sean Abbott සදහන් කලේ ක්‍රිකට් ක්‍රීඩාවේ නීති රීති සහ සදාචාරයට අනුව තමන් එහිදී පන්දු යැවූ බවයි.
වෛද්‍යවරුන්ට සහ භෞතචික්තිසක හට තරගය අතරතුර ක්‍රීඩාංගනයට ජංගම දුරකථන රැගෙන යාමට අවසර ලබාදීමෙන් මෙවැනි අනතුරු සදහා ප්‍රතිචාර දැක්වීම ඉක්මන් කර ගත හැකි බව මෙහිදී අදහස් දැක්වූ ක්‍රිකට් ඕස්ට්‍රේලියා භෞතචික්තිසක සහ ක්‍රීඩා වෛද්‍ය කළමනාකරු Alex Kountouris සදහන් කළේය. තවද බ්‍රිතාන්‍ය ප්‍රමිතීන්ට අනුව ඉහලම තත්වයේ හිස් ආවරණ පැළදීමට ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය මේ වන විට ක්‍රීඩකයින්ට උපදෙස් ලබාදී ඇති බවද ඔහු මෙම විමර්ශනයේදී අදහස් දක්වමින් වැඩි දුරටත් සදහන් කළේය.
ක්‍රීඩකයින් මෙම විමර්ශනයේදී ලබාදී ඇති තොරතුරු අවංක භාවයෙන් ප්‍රකාශ කර ති බව ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනය මෙම විමර්ශනය සදහා ඉදිරිපත් කල වාර්තාවේ සදහන් වූ අතර, එය ප්‍රකාශයට පත් වීමත් සමග විමර්ශනයට එක්ව සිටි Hughes පවුලේ සාමාජිකයින් කීප දෙනෙක් එම ස්ථානයෙන් පිටව ගිය බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත හදිසි මරණ පරීක්ෂක Michael Barnes,Phillip Hughes ගේ මරණයට හේතු සොයා බල විශේෂ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත අතර, එහිදී මහජන ආරක්ෂාව සදහා නිර්දේශ කීපයක්ද ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම නිර්දේශ එළඹෙන මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.