SKIP TO MAIN CONTENT

අන්ත පරාජයට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට දඹුළු ක්‍රීඩාංගණයේදී ප්‍රේක්ෂකයින්ගෙන් "හූ" සංග්‍රහයක්.

Fans protest at Dambulla stadium after Sri Lanka’s defeat
Source: www.colombogazette.com

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

පළමු එක් දින තරගයේදී ඉන්දීය පිළ හමුවේ ඊයේ (20/08) ලද අන්ත පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා පිලට එරෙහිව දඹුල්ල ක්‍රීඩා පිටියට පැමිණ සිටි ප්‍රේක්‍ෂකයෝ පිරිසක් දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රධාන ගොඩනැගිල්ල ඉදිරියේ තරගයෙන් අනතුරුව  ‘හූ’ හඬ නගමින් විරෝධතා දැක්වූ බවද වාර්තා වේ.

මෙම විරෝධතාව හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බස් රථයට ක්‍රීඩාංගණයෙන් පිටවීමට නොහැකි තත්ත්වයක්ද උදා වූ බව සඳහන්.

‘අපිට දියව් අපේ ක්‍රිකට්’, ‘අපිට ඕනේ 96 ක්‍රිකට්’ යයි පවසමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අදාළ ප්‍රේක්ෂකයින් විරෝධය පළ කර තිබුණි.

තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා කැරළි මර්දන පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මැදිහත් වූ අතර ප්‍රේක්‍ෂකයන් පළවා හැර මාර්ගය නිදහස් කරගන්නා තෙක් කණ්ඩායමේ බස්රථය ක්‍රීඩාංගණය තුළ නවතාගෙන සිටීමට සිදුවූ බවද වාර්තා වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now