SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ලබන නොවැම්බර් මස 16 වනදා බව ගැසට් කෙරෙයි

Sri Lanka General election
Source: Facebook

1 min read

Published

By Gamidu Agampodi


Skip to article content

ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරණය ලබන නොවැම්බර් මස 16 වෙනි දින පවත්වනු ලබන බව මැතිවරණ කොමිසම ගැසට් කර තිබෙයි.

ඒ අනුව ජනපතිවරණය සඳහා ලබන ඔක්තෝබර් මස 07 වෙනි දින සිට නාම යෝජනා භාර ගැනීමද සිදුවෙන බව වාර්තා වෙයි.

නාම යෝජනා සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද සිට ආරම්භ වන අතර එළැඹෙන ඔක්තෝම්බර් 6 වනදා ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12 දක්වා  ඒ සඳහා අවස්ථාව හිමි වන බව ද සඳහන්.

දැනට ජනපතිවරණය සඳහා පිලිගත් දේශපාලන පක්ෂ 17ක් තරඟ කිරීමට සුදානම් බව මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇති බව එහි සභාපති මහින්ද දේශප්‍රිය පවසා තිබෙයි.

sinhalese
Source: SBS Sinhala


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now