ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරණය ලබන නොවැම්බර් මස 16 වෙනි දින පවත්වනු ලබන බව මැතිවරණ කොමිසම ගැසට් කර තිබෙයි.
ඒ අනුව ජනපතිවරණය සඳහා ලබන ඔක්තෝබර් මස 07 වෙනි දින සිට නාම යෝජනා භාර ගැනීමද සිදුවෙන බව වාර්තා වෙයි.
නාම යෝජනා සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද සිට ආරම්භ වන අතර එළැඹෙන ඔක්තෝම්බර් 6 වනදා ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12 දක්වා ඒ සඳහා අවස්ථාව හිමි වන බව ද සඳහන්.
දැනට ජනපතිවරණය සඳහා පිලිගත් දේශපාලන පක්ෂ 17ක් තරඟ කිරීමට සුදානම් බව මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇති බව එහි සභාපති මහින්ද දේශප්‍රිය පවසා තිබෙයි.

Source: SBS Sinhala