SKIP TO MAIN CONTENT

ලංකාවේ නියගය නිසා ජලාශ වල මට්ටම් පහළ ගිය හැටි.

How reservoirs are getting reduced their water level due to the SL Drought.
Source: SBS Sinhala

2 min read

Published

By Nadeeka Daya Bandara - Kandy - Sri Lanka


Skip to article content

කඩින් කඩ වැසි ඇදහැලුණ ද සමස්ථයක් වශයෙන් වියළි කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පුද්ගලයන් තුන්ලක්ෂ දහඅටදහස් හත්සියයක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

පුත්තලම, කුරුණෑගල, මහනුවර, අනුරාධපුර, පොළොන්නරුව හා මන්නාරම දිස්ත්‍රික සදහා වියළි කාලගුණය වැඩි වශයෙන් බලපා තිබේ. වැඩිම පීඩාවට පත්  පිරිස වාර්තාවන්නේ  පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රිකවලින් වන අතර එම සංඛ්‍යාව පිළිවෙලින් දෙලක්ෂ දහසයදහස සහ පනස්දහස් නමසියයකි.

How reservoirs are getting reduced their water level due to the SL Drought.
Source: SBS Sinhala

මේ අතර කඩින් කඩ ඇද හැලෙන වැසි හේතුවෙන් ජීවිත හානි වාර්තා නොවන නමුත් තද සුළං හේතුවෙන් පසුගිය දින දෙක තුළදී ගම්පහ, කළුතර හා කෑගල්ල දිස්ත්‍රිකවල පවුල් 714ක් පීඩාවට පත්ව ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන වාර්තා සදහන් කරයි.

පැවැති වියළි කාලගුණය හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවන කොත්මලේ, රන්දෙණිගල, බෝවතැන්න ජලාශයන් ද වාරිමාර්ග කලාපයන්ට අයත් කන්දලම, රාජංගණය, නාච්චදූව, නුවරවැව, හුරුළුවැව, තිසාවැව,මාදුරුඔය, කවුඩුල්ල, වෙන්ඩ්‍රාසන් හා කන්තලේ ජලාශවල ජල මට්ටම් පහළ බැස ඇතැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ දත්ත සදහන් කරයි.

වර්ෂ 1979 දී මහවැලි ව්‍යාපාරය යටතේ ඉදිකරනු ලැබූ කොත්මලේ ජලාශයේ ජල මට්ටම මේ වන විට පහළ බැස තිබේ. එම මහවැලි ව්‍යාපාරයේ ඇති ආරම්භක ජලාශය ද වේ. ජල ධාරිතාව අඩුවීම නිසා ජලයෙන් වැසී තිබුණු කඩදොර පියබිම්බාරාම විහාරයේ පැරණි නටඹුන් ද මේ වන විට මතුවී ඇති අයුරු දැකිය හැකිය.

වැසි ඇද හැලෙන නමුත් බොහෝ ප්‍රදේශවල ජනතාව තවමත් පානීය ජල ගැටලුවලට මුහුණ දී සිටින අතර විශාල පිරිසක් ජල අවශ්‍යතාව සපුරා ගැනීම සදහා කිලෝමීටර් ගණනාවක දුර ගමන් කිරීමට සිදුවන බවට මැසිවිලි ගනති.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now