ඔබත් මුව ආවරණ (face mask ) online මිලදී ගන්නේ බලාගෙනයි..පාවිච්චි කල මුව ආවරණ වෙලදාම් කරන බවට තොරතුරු හෙළි වේ (SBS සිංහල / වාර්තා)

d

Source: AAP

කොරෝනා වයිරසයේ පැතිරීමත් සමග ඕස්ට්‍රේලියානු චීන ප්‍රජාව මුව ආවරණ මිලදී ගැනීමට උත්සුක වන අතර මෙම mask වල හිගය නිසා online ක්‍රමයට මේවා මිලදී ගැනීමට යොමු වී තිබෙනවා. නමුත් දැන් මෙම mask හිඟය නිසා online වෙළෙන්දන් බොහෝ දෙනෙකු පාවිච්චි කල mask නැවත විකුණන බවද වාර්තා වී තිබේ.

සිඩ්නි නුවර හා මෙල්බන් හි ඖෂධ වෙළද සල් හි මෙම mask වල හිඟයක් ඇති නිසා බොහෝ චීන ජාතිකයන් online ඒවා මිලදී ගැනීමට යොමු විය.

නමුත් දැන් වාර්තා වන පරිදි චීන සමාජ මාධ්‍ය ජාලයක් වන we chat හි කතා බහ වන්නේ චීනයේ වෙළද සල් පාවිච්චි කල mask නැවත ඇසුරුම් කොට අන්තර්ජාලය  ඔස්සේ අලෙවි කරන බවයි. එසේම Hong Kong හිද වීදි වල මෙසේ පාවිච්චි කල mask විකිනෙන බවට වාර්තා වී තිබේ. 

මෙල්බන් නුවර Barney Xia විසින් මෙසේ වෙළද සල් වල මුව ආවරණ හිගයක් ඇති වූ විට ඕස්ට්‍රේලියානු online වෙළද සලකින් එය මිලදී ගෙන තිබෙනවා. නමුත් ඒ සදහා ගෙවීමෙන් පසු එම mask වර්ගය නොමැති බවත්, ඒ වෙනිවට  ඊට වඩා මිල අධික ආවරණයක් මිලදී ගැනීමට සිදු වන බව දන්වා තිබුනා. ඒ සදහා ගෙවූ මුදල ආපසු ගැනීමට නම් එම වෙළද සල් ගොඩනැගිල්ලකට යා  යුතු වන බවටද ඔවුන් දන්වා තිබෙනවා.

ඉන් පසුව දැන් එම mask වර්ගය ඒ වෙළද වෙබ් පිටුවේ නොමැති බවද සදහන්.

සිඩ්නි නුවර University of Technology හි මහාචාර්ය Danform Lim පවසන්නේ ඔබ කුමන වර්ගයේ mask එකක් තෝරා ගත යුතුද යන කරුණ පිළිබද දැනුවත් විය යුතු බවයි. විශේෂයෙන්ම ස්ථර 3ක් ඇති ආවරණ වඩාත් ක්‍රියාකාරී බවත් , කපු වලින් සෑදු mask වලින් අළු, දුවිලි වලින් බෙරීම් හැර වෙනත් වෙනසක් සිදු නොවන බවත් ඔහු පවසයි.

N95 හා N99 යන mask වර්ග මුහුණට ඇලී පවතින ලෙස සකස් කර ඇති නිසා එය වැඩි කාලයක් පැළදීමට නොහැකියි. එසේම ඔහු පවසන්නේ surgical mask පළදින අය  එහි හතරැස් කොටස පාවිච්චි කරන විටදී හා ගැලවූ පසුත් අතින් ඇල්ලීමෙන් වලකින ලෙසයි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt ප්‍රකාශ කරන්නේ රජය සතුව mask මිලියන 12ක් සංචිත කර ඇති බවත් එය අවශ්‍ය විටදී එනම් සෞඛ්‍ය නිලධාරීන් උපදෙස් ලබා දුන් විට ජනතාවට ලබා දිය හැකි බවයි. අග්‍රාමාත්‍ය Scott Morrison පසුගියදා ප්‍රකාශ කලේ රජයේ සංචිතයෙන් මිලියන 1ක ආවරණ මුදා හරින බවයි

Source: SBS News


2 min read

Published

Updated

By Charitha Adikari


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now