SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධ වැඩි වෙයි. ළහිරු කුමාර වෙනුවට චාමික කරුණාරත්න ඔස්ට්‍රේලියාවට.

Sri Lanka call up Chamika Karunaratne as Lahiru Kumara replacement
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සඳහා ළහිරු කුමාර වෙනුවට චාමික කරුණාරත්න කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබේ.

දෙරට අතර බ්‍රිස්බන් හි පැවති පළමු ටෙස්ට් තරගයේදී ළහිරු කුමාරට ඇතිවූ පාදයේ ආබාධයක් හේතුවෙන් ඔහුට දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට නොහකි තත්ත්වයක් උදා විය.

ඒ හේතුවෙන් චාමික කරුණාරත්න කැඳවීමට තීරණය කෙරුණි.

ළහිරු කුමාරගේ පාදයේ ආබාධය හේතුවෙන් ඔහුට ඔස්ට්‍රේලියානු සංචාරයෙන් අනතුරුව එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරයද අහිමි වී තිබේ.

මීට අමතරව පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුරදී පාදයේ ආබාධයකට ලක්ව ඇති දුෂ්මන්ත චමීරටද දෙවැනි ටෙස්ට් තරගය අහිමිව තිබේ.   

ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා දෙවන සහ අවසාන ටෙස්ට් තරඟය  පෙබරවාරි මස 1 දා කැන්බරාහි මනුකා ඕවල් ක්‍රීඩාංගණයේදී ඕස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් පෙව 10.30 ට ආරම්භවීමට නියමිත අතර එම ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මංගල ජාත්‍යන්තර ටෙස්ට් තරගය ලෙසටද මෙය ඉතිහාසගත වේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now