ඔස්ට්‍රේලියාවට නැවත ජාත්‍යන්තර සිසුන් ගෙන්වාගැනීමට මධ්‍යම රජය විශ්ව විද්‍යාල වලින් උපකාර ඉල්ලයි (SBS සිංහල / වාර්තා)

Victorian Government’s International Student Emergency Relief Fund

Source: AAP

ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල නැවතත් ජාත්‍යන්තර සිසුන් ගෙන්වාගැනීම සඳහා සිදුකරන සැලසුම් පිළිබඳව ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය සිය අවධානය යොමු කොට ඇති අතර එලෙස ගෙන්වා ගන්නා සිසුන් නිරෝධායන කටයුතු සඳහා යෙදවීම අනිවාර්ය බව රජය පෙන්වා දී තිබේ.

මේ වන විට විශ්ව විද්‍යාල මගින් සිදුකරන නිරෝධායන කටයුතු පිළිබඳව වන සැලසුම් අනුව ජාත්‍යන්තර සිසුන් සඳහා මාස කිහිපයක් ඇතුලත ඔස්ට්‍රේලියාවට පැමිණීමේ හැකියාව හිමි වනු ඇත. දේශ සීමා වසා දැමීම හේතුවෙන් රටේ උසස් අධ්‍යාපන ක්ෂේස්ත්‍රයට දැඩි පහරක් එල්ල වූ අතර චීනයෙන් පැමිනෙන පිරිස අත්හිටුවීම මත ඕස්ට්‍රේලියාවේ විශාලතම ජාත්‍යන්තර ශිෂ්‍ය ප්‍රභවය වන චීන සිසුන්ගේ පැමිණීමද මේ වන විට සම්පුර්ණයෙන්ම අඩාලව පවතී.

ජාත්‍යන්තර සිසුන් නැවතත් ඔස්ට්‍රේලියාවට ගෙන්වන ආකාරය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල විසින් යෝජනා ඉදිරිපත් කලයුතු බව ඕස්ට්‍රේලියානු සෞක්‍ය අමාත්‍ය Greg Hunt අවධාරණය කොට තිබේ.

විශ්ව විද්‍යාල මගින් දැඩි අධීක්‍ෂනයක් යටතේ සිසුන් ගෙන්වාගැනීම සඳහා සිදුකරන යෝජනා සම්බන්ධයෙන් සැලකීමක් සිදුකරන අතර එම යෝජනා මධ්‍යම රජය සහ ප්‍රාන්ත රජයන් මගින් සලකා බැලීමට දැඩි කැමැත්තෙන් පසු වන බවද බව මෙල්බෙර්න් හි දී මාධ්‍ය හමුවේ ඔහු සඳහන් කොට තිබේ.

ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල, සෞක්‍ය සහ සංක්‍රමණික නිලධාරීන් සමග පුළුල් රාමුවක් තුල කටයුතු කරමින් සිටී. මූලික නීති රීති සම්බන්ධයෙන් රාජ්‍ය තන්ත්‍රය එකඟවීමෙන් පසු මේ පිළිබඳව ප්‍රාන්ත රජයන් සමග සාකච්චා පැවැත්වීමට නියමියි.

එහෙත් අන්තර්ජාතික සිසුන් නැවත ගෙන්වීමට ප්‍රථම මෙරට පාසල් සහ විශ්ව විද්‍යාල තුළ පංතිකාමර  තුල මුහුණට මුහුණ ලා සිදුකරන ඉගැන්වීම් කටයුතු සම්පුර්ණයෙන්ම ඇරඹිය යුතු බව බලධාරීහු පවසති.

AAP මාධ්‍ය වෙත අදහස් දක්වමින් Universities Australia හි ප්‍රධාන විධායක Catriona Jackson සඳහන් කොට ඇත්තේ ඔස්ට්‍රේලියාව සිය දේශ සීමා ලිහිල් කරන විට නැවත අධ්‍යන කටයුතු  සඳහා මෙරට විශ්ව විද්‍යාල පද්දතිය සහ අන්තර්ජාතික සිසුන් ඊට සුදානම් ව සිටිය යුතු බවයි.

ජාත්‍යන්තර සිසුන් ඒ සඳහා සුදානම් වී සිටිය යුතු බවයි. සෑම ගෙන්වාගැනීමක්ම අනිවාර්යයෙන්ම සෞක්‍ය උපදෙස්වලට අනුකුලව සිදුකලයුතු බව ඇය වැඩිදුරටත් සඳහන් කොට තිබේ.

දේශ සීමා ඉවත්කිරීම සම්බන්ධයෙන් පවතින ජාතික කැබිනට් මර්ගොපදේශයන්ට අනුව එළඹෙන ජුලි මාසයේදී සීමා ලිහිල් කිරීමේ තුන් වන අදියරට ඔස්ට්‍රේලියාව පැමිණෙන අතර එමගින් ජාත්‍යන්තර සිසුන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට හැකියාව හිමිවේ.

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මාසය තුලදී ඔස්ට්‍රේලියාව තුල උසස් අධ්‍යාපනය සඳහා වූ ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රතිශතය 41% කින් අඩු වී ඇති අතර එය සන්ක්‍යාත්මකව සිසුන් 61,400 අඩු වීමකි. ජාත්‍යන්තර සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය පසුගිය අප්‍රේල් මාසයේදී තවත් 10%කින් පහත වැටි තිබේ.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ශිෂ්‍ය වීසා මගින් ඔස්ට්‍රේලියාවට ඇතුළු වූ පුද්ගලයින් සංක්‍යාව 46,480 ක් වන අතර මෙම වසරේ අප්‍රේල් මාසය තුළදී ශිෂ්‍ය වීසා මගින් ඔස්ට්‍රේලියාවට ඇතුළු වී ඇත්තේ පුද්ගලයින් 30 කු පමණකි.
SBS radio
Source: SBS radio

Share

Published

By Nipuna Dodangoda

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවට නැවත ජාත්‍යන්තර සිසුන් ගෙන්වාගැනීමට මධ්‍යම රජය විශ්ව විද්‍යාල වලින් උපකාර ඉල්ලයි (SBS සිංහල / වාර්තා) | SBS Sinhala