කොරෝනා බිය නිසා ඉතාලියේ හා කොරියාවේ සිට පැමිණෙන පුද්ගලයින් ටද ඔස්ට්‍රේලියාවට ඇතුල් වීම තහනම් කරන ලෙස රජයට බලපෑම් (SBS සිංහල/ වාර්තා)

s

Source: AAP

කොරෝනා වයිරසය පැතිර යාම ඉතා දැඩි ලෙස ඉතාලියේ හා කොරියාවේ වාර්තා වුවද එම රටවලින් පැමිණෙන සංචාරකයින් මෙරටට එම තහනම් නොකිරීමට ඕස්ට්‍රේලියානු රජය ක්‍රියා කොට තිබේ. නමුත් මේ වන විට රජය ඉරානයේ වාර්තා වී ඇති අධික මරණ සංඛ්‍යාව හා වාර්තා වී ඇති ආසාධිතයන් සංඛ්‍යාව පිළිබද සලකා ඉරානයේ සිට පැමිණෙන විදේශිකයන්ට ඇතුල් වීම තහනම් කොට ඇත.
ඉතාලියේ  වාර්තා වූ මරණ සංඛ්‍යාව වැඩි වුවත් සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt ප්‍රකාශ කොට ඇත්තේ ඉතාලියේ මෙම වයිරසය වාර්තා වන නගර 10කට සංචාරය නොකරන ලෙස. එසේම ඉතාලිය හෝ දකුණු කොරියාවේ සිට පැමිණෙන සෞඛ්ය සේවය් හෝ වැඩිහිටි සේවා වල සේවය කරන පුදගලයින් දින 14ක් රැකියාවට නොගොස් සිටිය යුතු බවද ඔහු පවසා තිබේ.

රජයේ ප්‍රධාන වෛද්‍යවරයා වන Brendan Murphy පවසා ඇත්තේ එම රටවල් දෙකෙහි ආසාධන යම් ප්‍රදේශ වලට පමණක් සීමා වී ඇති  බවයි. ඒ නිසා එම රටවල් මගින් ඇති තර්ජනය සංචාරකයන්ට ඇතුල් වීම තහනම් කිරීමට තරම් ඔස්ට්‍රේලියානුවන්ගේ සෞඛ්‍යට බලපෑමක් නොවන බවද ඔහු පවසා තිබේ.

එසේම මේ වන විට සංචාරකයින් ඇතුල් වීම තහනම් කිරීම තර්ජනය  පමා කිරීමක් පමණක් බවත්, වසංගත තත්වය පැතිර යාම වෙනස් වන බැවින් ඒවා සියල්ල නැවත්වීම කල නොහැකි බවද ඔහු පවසා තිබේ.

නමුත් මේ පිලිබදව රජයට විවේචන එල්ල වෙමින් පවතී. සිඩ්නි විශ්ව විද්‍යාලයේ වසංගත රෝග විශේෂඥය Ying Zhang පවසන්නේ දකුණු කොරියාව හා ඉතාලියේ සිට පැමිණෙන සංචාරකයන් පාලනයද කෙටි කාලීනව මෙම රෝගය පැතිර යාම පාලනයට ඉවහල් වන බවයි. චීනය හා ඉරානයට එය යෙදුවානම් වැඩිම ආසාධන වාර්තා වන අනෙක් රටවල් වලට නොයොදන්නේ මන්ද යනුවෙන්. නමුත් සියලු රටවල් වලට තහනමක් දැමීම කල නොහැකි බවත් ඇය පවසයි.

මේ වන විට ලෝකය පුරා මෙම රෝගීන් 88,300ක් වාර්තා වන අතර මරණ 2996ක් වාර්තා වේ. ආසාධිතයන්ගෙන් 43000ක් පමණ සුව වී ඇත. දකුණු කොරියාව චීනයෙන් පිටත වැඩිම රෝගීන් වාර්තා වන රට වන අතර එය 3526ක් වේ. 20 දෙනෙකු මරණයට පත්වී තිබේ.

එසේම යුරෝපයේ රෝගීන් 1128ක් වාර්තා වන අතර ඉතාලියේ උතුරු කලාපයේ නගර බොහොමයක් වසා දැමීමට සිදුව තිබේ. Australian National University හි බෝවන රෝග පිළිබද විශේෂඥ ආචාර්ය සංජය සේනානායක පවසන්නේ මෙසේ සංචාරක තහනම මගින් රෝග පැතිරීම වලක්වීමක් නොව එය පමා කිරීමක් සිදුවන බවයි. දැන් රටවල් ගෝලීයව බොහෝ අන්තර් සබදතා පවත්වන නිසා එසේ සියලු රටවල් වලින් පැමිණෙන පුද්ගලයින් පාලනය කිරීම කල නොහැකි බවත් ඔහු පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම covid -19 වයිරසය ලෝකයේ පැතිරීමේ අවධානම ඉතා අධික ගනයේ බව දැන් ප්‍රකාශ කොට තිබේ. ඔස්ට්‍රේලියාව දැනටමත් එවන් ගෝලීය වසන්ගතයකදී  ක්‍රියා කිරීම පිළිබද සැලසුම් කොට ඇත.

ග්‍රිෆිත් විශ්ව විද්‍යාලයේ බෝවන රෝග පිළිබද විශේෂඥ Nigel McMillan පවසන්නේ චීනය, ඉතාලියේ උතුර , දකුණු කොරියාව හා ඉරානයට මේ දිනවල ඕස්ට්‍රේලියානුවන් සංචාරයෙන් වැළකිය යුතු බව.
ක්වීන්ස්ලන්ත රජය විසින් පසුගිය සති 2 තුල විදේශ රටවල සිට පැමිණි සියලු දෙනාට රෝගී තත්වයක් ඇත්නම් ඉක්මනින්ම ප්‍රතිකාර ගන්නා ලෙස දැනුවත් කොට තිබේ.

නමුත් නිව් සවුත් වේල්ස් හා වික්ටෝරියා බලධාරීන් පවසන්නේ ඉරානය, ඉතාලිය, ඉන්දුනීසියාව, ජපානය , දකුණු කොරියාව හා තායිලන්තය යන රටවලින් පැමිණි පුද්ගලයන්ට සෞඛ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසයි. McMillan මහතා පවසන්නේ ගුවන් තොටුපොල වලදී රෝගී පිරිස් නවත්වා ගැනීම යහපත් වුවත් එමගින් රෝග වාහකයින් හඳුනා ගත හැකි නොවන බව. ඔහුගේ අදහස ඉදිරියට මෙය වැලක්වීමට වඩා පාලනය හා නිරෝධායනය වෙත යොමු වීමට සිදු වනු ඇති බවයි.

Source: SBS News


Share

Published

Updated

By Charitha Adikari, Tom Stayner

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service