SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව තුළ භාවිතවන නීති විරෝධී ගිනි අවි සඳහා ජාතික මට්ටමෙන් මාස තුනක පොදු සමා කාලයක්.

National Gun amnesty
Justice Minister Michael Keenan (right) examines a range of weapons after announcing a new national gun amnesty in Canberra, Friday, June 16, 2017. Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

නීති විරෝධී ගිනි අවි සඳහා ජාතික මට්ටමෙන් මාස තුනක පොදු සමා කාලයක් ඔස්ට්‍රේලියානු රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

1996 සිදුවූ  Port Arthur සංහාරයෙන් පසුව ගිනි අවි සඳහා මෙසේ පොදු සමා කාලයක් ලබා දෙන ප්‍රථම අවස්ථාව මෙය බවද වාර්තා වේ.

රටේ බහුලව සිදු වෙමින් පවතින ත්‍රස්ත තර්ජන, ගිනි අවි භාවිතා කරමින්  සිදු කරන අපරාධ සහ වෙඩි තැබීම් වලට වැට බැඳීමට මෙම තීරණය ගත් බව රජය පවසයි.

ඔස්ට්‍රේලියානු සමාජය තුළ නීති විරෝධී ගිනි අවි  260,000 ක් පමණ පවතින බව සඳහන්.

එළඹෙන ජූලි 01 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිත මෙම පොදු සමා කාලය පිළිබඳ නීතිය පිළිබඳ අමාත්‍ය Michael Keenan  අද දිනයේ වැඩි දුර විස්තර අනාවරණය කිරීමට අපේක්ෂිතය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now