SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසිභාව අර්බුදයට තවත් ගොදුරක්.

Federal minister Matt Canavan resigns from cabinet to clarify dual citizenship
Source: SBS

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව තුළ ඇතිවී ඇති ද්විත්ව පුරවැසිභාව අර්බුදය හේතුවෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සමපත් පිළිබඳ අමාත්‍ය Matt Canavan තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Matt Canavan හට ඉතාලි පුරව්සිභාවය තිබෙනු ඇතැයි ඔහුගේ මව කළ ප්‍රකාශයක් හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇත.

නමුත් ඔහුට සැබවින්ම ඉතාලි පුරවැසිභාවය හිමිව ඇතිද යන්න නිසැකවම පරීක්ෂා කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වන විට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ක්වීන්ස්ලන්තය නියෝජනය කරමින් ඕස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවට තේරී පත්වූ Matt Canavan, නැෂනල් පක්ෂයේ නැගී එන තරුවකි.

අධිකරණය මගින් ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ අවසන් තීන්දුව ලබා දෙන තුරු Matt Canavan ගේ අමාත්‍යංශයේ වැඩ කටයුතු නියෝජ්‍ය අගමැති හා නැෂනල් පක්ෂයේ නායක Barnaby Joyce විසින් බාරගෙන තිබේ.

ද්විත්ව පුරවැසිභාව අර්බුදය හේතුවෙන් මීට පෙර ග්‍රීන්ස් පක්ෂයේ සෙනට් සභිකයින් දෙදෙනෙකු සිය මන්ත්‍රී ධුර වලින් ඉල්ලා අස්විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now