කම්කරු පක්ෂ රජයේ සැලසුමට අනුව වැඩිපුර සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවට ගෙන ඒම ඔස්ට්‍රේලියාවේ නිවාස සහ ජීවන වියදම් අර්බුදය වඩාත් බරපතල අතට හැරෙනු ඇති බවට විපක්ෂ නායක Peter Dutton අනතුරු අඟවයි.
මැයි 09 වන දින කම්කරු පක්ෂ රජයේ අය වැය සඳහා පිළිතුරු කතාව සිදුකරමින් ඔහු මේ බව පැවසීය.
සැලසුම් නොකළ සංක්‍රමණ සැලැස්මක්
- වත්මන් කම්කරු පක්ෂ රජයේ සංක්‍රමණය පිළිබඳ පුරෝකතනයෙන් වඩා විශාල ජනගහනයක් සහිත 'විශාල ඕස්ට්‍රේලියාව' ක් ගොඩනැගීමේ අවශ්‍යතාව පෙන්නුම් කරන බව විපක්ෂ නායකවරයා පැවසීය.
- නමුත් එම ක්‍රියාව හරහා ඔස්ට්‍රේලියාවේ නිවාස අර්බුදයට සහ උද්ධමනයට වැඩි පීඩනයක් ඇති කරන බව ද ඔහු පැවසීය.
- සංක්‍රමණය ඔස්ට්‍රේලියාවේ සාර්ථකත්වයට පාදක වන "ස්ථිර කුළුණු" වලින් එකක් ලෙස ඔහු විස්තර කළ නමුත් ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ විශාලතම සංක්‍රමණය "සැලසුම් නොකළ ආකාරයෙන්" සිදු කරන බවට අනතුරු ඇඟවීය.

- මෙවර අයවැය මගින් ඔස්ට්‍රේලියාවේ ජනගහනය පිළිබඳ ප්‍රක්ෂේපණ ද අඩු කරන ලද අතර, එය 2019 දී අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා පුද්ගලයින් 700,000 කින් අඩුවනු ඇත.
- නමුත් අගමැති Albanese ඉදිරි වසර පහ තුළ සංක්‍රමණිකයින් මිලියන 1.5ක් පැමිණීම සඳහා සැලසුම් කරමින් "විශාල ඔස්ට්‍රේලියාවක් ගොඩනැගීමේ ප්‍රතිපත්තියක්" නිහඬව හඳුන්වා දෙන බව විපක්ෂ නායක Peter Dutton අවධාරනය කළේය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
- එවැනි විශාල ක්‍රියාවලියක් පසුගිය මහ මැතිවරණයේදී කම්කරු පක්ෂයේ මැතිවරණ පොරොන්දුවක් ලෙස නොතිබූ බවද ඔහු කියා සිටියේය.
- ඔස්ට්‍රේලියානුවන් නිවාස අර්බුදයකට මැදි වී සිටින අතරේ කුලී නිවාස අර්බුදයකට මැදි වී සිටින අතරේ තවත් විශාල සංක්‍රමණිකයින් පිරිසක් ගෙන්වා ගතහොත් ඒ මිනිසුන් ජීවත් වන්නේ කොහේද යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.
- එනිසා කම්කරු පක්ෂයේ සංක්‍රමණ ක්‍රියාවලිය කිසිදු සැලසුමක් සහිත එකක් නොවන බව ද විපක්ෂ නායක Peter Dutton සඳහන් කළේය.
- ක්‍රීඩා තරඟ අතරතුර සූදු දැන්වීම් තහනම් කිරීමටත්, ඉදිරි මැතිවරණයෙන් ලිබරල් සන්ධානය ජයග්‍රහණය කළහොත් බලපෑමට ලක්වූ කාන්තාවන්ට ප්‍රතිකාර වඩාත් දැරිය හැකි මිලකට ලබා දීමට ඩොලර් මිලියන 5ක් වෙන් කිරීමටත් ඔහු පොරොන්දු විය.
මධ්‍යම පාන්තික ඔස්ට්‍රේලියානුවාසීන්ව අමතක කළ අය වැයක්
- වයස අවුරුදු 16ට අඩු පුද්ගලයින්, විශ්‍රාමිකයින් සහ අනෙකුත් concession කාඩ්පත් හිමියන් Standard Appointments හරහා තම පවුලේ වෛද්‍යවරයා හමුවීමේදී ඔවුන්ට ලැබෙන bulk billing සහනය තුන්ගුණයකින් වැඩි කිරීම සහ තනි මාපිය ගෙවීම් පුළුල් කිරීම වැනි ඇතැම් අයවැය ක්‍රියාමාර්ගවලට විපක්ෂය සහාය දෙන බව විපක්ෂ නායක Peter Dutton සිය අය වැය පිළිතුරු කතාවේදී පැවසීය.
- නමුත් කම්කරු පක්ෂ රජයේ අයවැය මධ්‍යම පාන්තික ඔස්ට්‍රේලියානුවාසීන් අමතක කර ඇති බව විපක්ෂ නායක Peter Dutton සිය අය වැය පිළිතුරු කතාවේදී පැවසීය.
- මෙවර අය වැයේ ප්‍රතිඵලයක් ලෙස වැඩ කරන දුප්පත් ඔස්ට්‍රේලියානුවන්ගේ පරම්පරාවක් නිර්මාණය කිරීමේ අවදානමක් පවතින බව ඔහු පැවසීය
- ඔස්ට්‍රේලියාවේ නගර සහ තදාසන්න ප්‍රදේශ දැනටමත් තදබදයෙන් යටවී ඇති නමුත් මෙම අයවැයේදී ද පසුගිය අයවැයේදී මෙන් කම්කරු පක්ෂ රජය දැනටමත් ප්‍රකාශ කර ඇති යටිතල පහසුකම් වියදම් කපා හරිමින් සිටින බවද විපක්ෂ නායක Peter Dutton පැවසීය.
- දරුවන් සිටින නිවාස ණයක් ද හිමි පවුල් වසරකට ඩොලර් 25,000 කින් පමණ ආපස්සට ගමන් කරන බවද අයවැයෙන් බලශක්ති සහන ලබාදීමට පියවර ගත්තද විදුලි බිල තවත් ඉහළ යනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.
- මේ අතර උද්ධමනය පාලනය කිරීමට කම්කරු පක්ෂ රජය අසමත් වී ඇති බව මුල්‍ය කටයුතු පිළිබඳ විපක්ෂයේ නියෝජිත Jane Hume ප්‍රකාශ කළාය.

