එළඹෙන අප්‍රේල් මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරවල සංස්ථාපිත බදු 27.5% කින් කප්පාදු කිරීමට මධ්‍යම පාර්ලිමේන්තුව එකඟ වෙයි.

Federal parliament agreed in April to cut in the corporate tax rate of 27.5%.

Source: The Sydney Morning Herald

එළඹෙන අප්‍රේල් මාසයේ සිට ඩොලර් මිලියන 50 ක් දක්වාවූ පිරිවැටුමක් සහිත ව්‍යාපාරවලට අදාළ සංස්ථාපිත බදු අනුපාතිකය වන 27.5% කප්පාදු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුව එකඟ වී තිබේ.

වසර 3 ක් පුරාවට මෙම ක්‍රියාවලිය සිදු වන බව සඳහන්.

කෙසේවෙතත්, වසර 10 ක් පුරාවට ඔස්ට්‍රේලියාවේ සියලු ව්‍යාපාර සඳහා 25% ක බදු ප්‍රතිශතයක් බලාත්මක කිරීමට ඔස්ට්‍රේලියානු රජයට අවශ්‍ය කර තිබේ.

අනෙකුත් ක්ෂේත්‍ර සමග සංසන්දනය කරන කල ව්‍යාපාර බදු මිල  අධික බව අගමැති Malcolm Turnbull  පවසයි.

ආයෝජන සහ රැකියා උත්පාදනය සඳහා සමාගම් බදු අඩු කිරීමට ලෝකයේ රටවල් බොහොමයක නායකයින් කැමැත්තක් දක්වන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පසුගියදා ජර්මනියේ පැවති G20 සමුළුවේදී පැවසීය.

 

නමුත් ලිබරල් සන්ධාන රජයේ මෙම සමාගම් බදු කප්පාදුව දීර්ඝ කාලීනව රටේ අය වැය සඳහා බලපාන බවත් වසර 10 ක් පුරාවට එක වසරකට ඩොලර් බිලියන 14 බැගින් වියදමක් මේ නිසා දැරීමට සිදුවන බවත් විපක්ෂයේ භාණ්ඩාගාරික කටයුතු පිළිබඳ නියෝජිත Chris Bowen පවසයි.


Share

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now