කාන්දු වූ Optus දත්ත dark web ජාලයේ අලෙවි කිරීම ගැන ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය විමර්ශන අරඹයි

සයිබර් ප්‍රහාරයට ගොදුරු වූ බව Optus සමාගම ප්‍රකාශ කිරීමෙන් පසු සයිබර් අපරාධකරුවන් කාන්දුවූ එම දත්ත මුල්‍යමය වශයෙන් ප්‍රයෝජනයට ගනිමින් ඒ සඳහා හිමිකම් පෑමට ඉඩ ඇති බව සමාගම පිළිගෙන ඇත.

An Optus store in Brisbane

Optus says it won’t comment on reports hackers are selling millions of Australian customers’ personal information on the dark web Source: Supplied

පසුගිය සතියේ Optus ජාලයට සිදුවූ සයිබර් ප්‍රහාරයෙන් පසුව එහි විශාල දත්ත සංඛ්‍යාවක් පිටතට කාන්දු වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

මෙලෙස පිටතට පැමිණි මිලියන ගණනක ඔස්ට්‍රේලියානුවන්ගේ පුද්ගලික තොරතුරු විකුණා දැමීමට හැකර්වරුන් උත්සාහ කරන බවට ද මේ වන විට වාර්තා වන වාර්තා වේ.

ඒ අනුව ඒ පිළිබඳ ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය dark web කලාප නිරීක්ෂණය කරමින් සිටියි.

සයිබර් ප්‍රහාරයට ගොදුරු වූ බව Optus සමාගම ප්‍රකාශ කිරීමෙන් පසු සයිබර් අපරාධකරුවන් කාන්දුවූ එම දත්ත මුල්‍යමය වශයෙන් ප්‍රයෝජනයට ගනිමින් ඒ සඳහා හිමිකම් පෑමට ඉඩ ඇති බව සමාගම පිළිගෙන ඇත.

නමුත් එම පාරිභෝගික දත්ත අන්තර්ජාලය හරහා විකුණනු ලබන ප්‍රකාශවල සත්‍යතාව පිළිබඳව ඔවුන් අදහස් පළ කර නොමැත.

ඔස්ට්‍රේලියාවේ විශාලතම දත්ත කාන්දු වීම්වලින් එකක් ලෙස නම් කර ඇති මෙම ක්‍රියාව නිසා මිලියන 10 ක් දක්වා ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ user names, උපන් දිනයන්, දුරකථන අංක, ඊමේල් ලිපින, රියදුරු බලපත්‍ර අංක, විදේශ ගමන් බලපත්‍ර අංක හෝ ලිපිනයන් අවදානමට ලක්ව ඇත.

online forum එකක් වන BreachForums හි පරිශීලකයෙකු, ඊමේල්, උපන් දින, සම්පූර්ණ නම්, ජංගම දුරකතන අංක සහ රියදුරු බලපත්‍ර අංක ඇතුළුව Optus පරිශීලකයින්ගේ දත්ත මිලියන 11.2ක් අලෙවි කරන බව කියා සිටියේය.

පසුව අදාළ ගිණුමෙන්, සතියක් ඇතුළත මිලියන 1ක cryptocurrency මුදල් සඳහා දත්ත ආපසු ලබා දෙන බව පවසමින් කප්පම් ගැනීමේ උත්සාහයක් සමඟ Optus හට තර්ජනය කරන බව පෙනේ.
නීති විරෝධී පාරිභෝගික තොරතුරු අලෙවි කරන බවට පවසමින් මූල්‍යමය වශයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට අපේක්ෂා කරන අපරාධකරුවන්ගේ වංචා කටයුතු පිළිබඳ තම සමාගමට උපදෙස් දී ඇති බව Optus සමාගම නිවේදනය කරයි.

"පරීක්ෂණයට අනුව, තුන්වන පාර්ශ්වයන් සතුව ඇතැයි කියනු ලබන පාරිභෝගික දත්තවල නීත්‍යානුකූල භාවය පිළිබඳව Optus අදහස් නොදක්වන අතර ඔවුන්ගේ online ගනුදෙනු වලදී ප්‍රවේශම් වන ලෙස සියලුම ගනුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටී" යනුවෙන් Optus සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

එම වාර්තා පිළිබඳව තමන් දැනුවත් බව සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය පවසයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

"ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් Dark Web සහ අනෙකුත් තාක්ෂණයන් නිරීක්ෂණය කිරීම සඳහා විශේෂඥ හැකියාව භාවිතා කරන අතර, නීතිය කඩ කරන අයට එරෙහිව පියවර ගැනීමට පසුබට නොවනු ඇත," ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ ප්‍රකාශකයෙකු SBS ප්‍රවෘත්ති වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

සොරකම් කළ පුද්ගලික තොරතුරු මිලදී ගැනීම වරදක් බවත් එසේ කරන අයට වසර 10ක් දක්වා සිරදඬුවමක් ලැබෙනු ඇති බවත් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය පවසයි.

Australian Federal Police
Australian Federal Police. Source: AAP

බලපෑමට ලක්වූ පාරිභෝගිකයින්ව සම්බන්ධ කර ගැනීම

තම දත්ත කාන්දු වීමේ බලපෑම පිළිබඳව දැනුම් දීම සඳහා සියලුම ගනුදෙනුකරුවන් සම්බන්ධ කර ගන්නා බව Optus සමාගම පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් 24) පැවසුවේය.

ID documents හෙවත් අනන්‍යතා ලේඛන කාන්දු වීමට ලක්ව ඇති අය පළමුව සම්බන්ධ කර ගනු ලබන බව ඔවුහු එහිදී පැවසුහ.

“මුරපද හෝ මූල්‍ය තොරතුරු කිසිවක් කාන්දුවට ලක්වී නැත,” Optus සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

“අපි SMS හෝ ඊමේල් වල links එවන්නේ නැහැ. පාරිභෝගිකයින්ට Optus වෙතින් යැයි කියන link එකක් සහිත විද්‍යුත් තැපෑලක් හෝ කෙටි පණිවුඩයක් ලැබෙන්නේ නම් ... කරුණාකර ඒ කිසිවක් ක්ලික් නොකරන්න." යනුවෙන්ද Optus සමාගම තම පාරිභෝගිකයින්ට දන්වා සිටී.


Share

Published

By Rashida Yosufzai, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service