SKIP TO MAIN CONTENT

විපක්ෂයේ JobKeeper සංශෝධන සඳහා මධ්‍යම රජය සහය නොදක්වන බවට භාණ්ඩාගාරික ඇමතිගෙන් ප්‍රකාශයක්

Treasurer Josh Frydenberg at a press conference at Parliament House in Canberra, Monday, July 6, 2020. (AAP Image/Mick Tsikas) NO ARCHIVING
Federal Treasurer - Josh Frydenberg Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

විපක්ෂය යෝජනා කරන JobKeeper සංශෝධන සඳහා මධ්‍යම රජය සහය නොදක්වන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පවසයි.

එම සංශෝධන ක්‍රියාත්මක කිරීමේදී රැකියා අහිමිවීමේ අවදානමක් ඇති බව ඔහු පෙන්වා දෙයි.

පූර්ණ කාලීන සේවකයකු හට ලබා දෙන වර්තමාන $1500 JobKeeper දීමනාව සැප්තැම්බර් මසින් පසුව $1200 ක් දක්වාත් අනතුරුව දෙසැම්බර් මාසයෙන් පසුව එය $1000 දක්වාත් පහත හෙළීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය යෝජනා කර තිබේ.

එම යෝජනාව සම්මත වුවහොත් මෙම දීමනාව ලබන වසරේ මාර්තු දක්වා ක්‍රියාත්මක වේ.

JobKeeper සහ JobSeeker දීමනා සැප්තැම්බර් මාසයේ අවසන් වන වන බැවින් හා එළඹෙන ඔක්තෝබර් මාසය වන තෙක් යළි මධ්‍යම පාර්ලිමේන්තුව රැස් නොවන බැවින් එම වැඩසටහන් සඳහා යෝජිත සංශෝධන මේ සතියේදී පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත යුතු වෙයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now