2018 ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටය යටතේ ඊයේ ස්විට්සර්ලන්ත ක්‍රීඩක රොජර් ෆෙඩරර් චෙක් රාජ්‍යයේ Thomas Berdych තරග වැදුණු අතර එම තරගයෙන් පහසු ජයක් වාර්තා කරන්නට ජාත්‍යන්තර වර්ගීකරණයේ දැනට අංක දෙකේ සිටින සුපිරි ක්‍රීඩක රොජර් ෆෙඩරර් සමත් විය. ඒ අනුව ෆෙඩරර් සහ දකුණු කොරියානු ක්‍රීඩක Hyeon Chung අතර අවසන් පුර්ව තරගය හෙට රාත්‍රී පැවැත්වීමට නියමිතයි.
ලෝකප්‍රකට ප්‍රමුඛ පෙලේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච් පරාජයට පත්කොට ඔහුට අර්ධ අවසන් පුර්ව වටය අහිමි කරලීම හේතුවෙන් Hyeon Chung මෙවර ඕස්ට්‍රේලියානු විවෘත තරඟාවලියේ විශේෂයෙන් කැපීපෙනුණු ක්‍රීඩකයෙකු බවට පත් විය. එසේම Hyeon Chung, Grand Slam වර්ගයේ ටෙනිස් තරඟාවලියක අවසන් පුර්ව වටයට තේරී පත්වුණු ප්‍රථම කොරියානු ක්‍රීඩකයා බවට ද පත් වෙයි.
යම් හෙයකින් රොජර් ෆෙඩරර් මෙවර ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය ජයගතහොත් එය ඔහුගේ 20 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ජය වනු ඇති. මෙවර ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අනෙක් අවසන් පුර්ව තරග එංගලන්තයේ Kyle Edmund සහ ක්‍රෝඑශියානු ක්‍රීඩක Marin Cilic අතර අද පැවැත්වීමට නියමිතයි.
කාන්තා කේවල අවසන් පුර්ව වටයේ තරග අද Rod Laver Arena හිදී පැවැත්වෙන අතර කාන්තා අවසන් තරගය එළබෙන 27 වන සෙනසුරාදාත් පිරිමි අවසන් තරගය 28 වන ඉරිදාත් පැවැත්වීමට නියමිතයි.
මෙවර ජයග්‍රාහකයින් සදහා පිරිනැමෙන සමස්ත ත්‍යාග මුදල පසුගිය වසරට සාපේක්ෂව 10%කින් වැඩි කර ඇති අතර, මෙවර එම ත්‍යාග මුදල් ප්‍රමාණය ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 55ක්.

