ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය 2017 අවසන් දිනයේදී ස්විට්සර්ලන්තයේ Roger Federer ටෙනිස් කිරුළ හිමි කරගනියි.

Federer wins Australian Open

Source: Australian Open 2017

ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී පැවැත්වුණු ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය 2017, ඊයේ (29 /01) දිනයේදී නිමාවට පත් විය.

එහිදී පිරිමි කේවල අංශයේ අවසන් මහා තරගය පැවැත්වුණේ Rod Laver Arena හි ස්විට්සර්ලන්තයේ  Roger Federer  සහ ස්පාඤ්ඤයේ Rafael Nadal  අතරය.

එහිදී Roger Federer 6-4, 3-6, 6-1, 3-6 සහ 6-3 ලෙස ස්පාඤ්ඤයේ Rafael Nadal පරාජයට පත් කරමින්, මෙවර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කාන්තා ශූරතාව හිමි කරගත්තාය.

35 වන වියෙහි පසුවන Roger Federer  ඊයේ හිමි කරගත්තේ තම 18 වන grand slam ශූරතාව වන අතර 2012 න් පසුව ඔහු ඊයේ දිනය තෙක් grand slam ශූරතාවක් දිනා නොතිබීමද විශේෂත්වයකි.

ඔහු මීට පෙර 2004, 2006, 2007 සහ 2010 යන වසර වල ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අංශයේ ශූරතාව හිමි කරගෙන තිබුණි.

Mixed Double 2017
Source: Australian Open 2017

මීට අමතරව ඊයේ දිනයේ පවතී මිශ්‍ර යුගල අවසන් මහා තරගයෙන් ලොව අංක 2 පසුවන ඉන්දියාවේ Sania Mirza හා ක්‍රොයේෂියාවේ Ivan Dodig 6-2 සහ 6-4 ලෙස පරාජය කරමින් ඇමෙරිකාවේ Abigail Spears  හා කොලොම්බියාවේ Juan Sebastian Cabal මෙවර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ, මිශ්‍ර යුගල ශූරතාව හිමි කරගත්තෝය.


1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: Australian Open 2017




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now