SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ගෑස් සහ විදුලිය මිල ඉහළ දැමීමට අදාළ නව නීති හඳුන්වා දෙයි.

Energy retailers forced to reveal power bill shocks early
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

නව නීති රෙගුලාසි යටතේ ඔස්ට්‍රේලියාවේ ගෑස් සහ විදුලිය සැපයුම්කරුවන් තම සේවා වල මිල ඉහළ දැමීමට දින 5 කට පෙර තම පාරිභෝගිකයින් වෙත දැන්විය යුතු බව වාර්තා වේ.

මෙම නව නීතිය අද (27/09) පස්වරුවේ සිට හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු බලශක්ති වෙළෙඳපොල කොමිසම අපේක්ෂා කරන නමුත් එය ක්‍රියාත්මක කිරීම එළඹෙන පෙබරවාරි 01 වන දින තෙක් සිදු  නොවන බවද පවසයි.

මේ වෙනස්කම් හේතුවෙන් අදාළ දින කිහිපය තුළදී පාරිභෝගිකයින්ට තමන්ට වාසිදායී බලශක්ති සැපයුම්කරුවන් සොයාගැනීමට අවස්තාව සැලසෙන බව බලශක්ති අමාත්‍ය  Angus Taylor පවසයි.

මේ වන විට පවතින නීති යටතේ ගෑස් සහ විදුලිය මිල ගණන් වෙනස්වීම් පාරිභෝගිකයින්ගේ මීළඟ බිල්පත පැමිණෙන තෙක් ඔවුන්ට නොදන්වා සිටීමට සැපයුම්කරුවන්ට හැකියාව ලැබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now