කියුබාවේ හිටපු ජනාධිපති පිදෙල් කැස්ත්‍රෝ අභාවප්‍රාප්ත වී තිබේ.
කලක සිට අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පෙළුණු හිටපු ජනාධිපතිවරයා මියයන විට 90 වැනි වියේ පසුවිය.
මෙම කණගාටුදායක පුවත එරට වේලාවෙන් සිකුරාදා පෙරවරු 10.29ට පිදෙල් කැස්ත්‍රෝගේ සමු ගැනීම ඔහුගේ සොයුරු සහ වත්මන් කියුබානු ජනාධිපති රාවුල් කැස්ත්‍රෝ විසින් රාජ්‍ය රූපවාහිනී නාලිකාව ඔස්සේ නිල වශයෙන් දැනුම් දුන් අතර එම ප්‍රකාශය අවසානයේ ඔහු “Towards victory, always.” ලෙස කෑ ගසා පැවසුවේය.
කියුබානු සමාජවාදී විප්ලවයේ පෙර ගමන්කරුවා ලෙස සැලකෙන පිදෙල් කැස්ත්‍රෝ ඉතා බලසම්පන්න ධනවාදි රටවල අකටයුතුකම් නොඉවසා අභීතව නැගී සිටිමින් සිය මව්බිම උදෙසා යුතුකම් රැසක් කළ ඉටු කළ කොමියුනිස්ට්වාදියෙකු ලෙස සැලකෙයි.
ශරීර සෞඛ්‍ය ගැන සිතා සිය තනතුර 2008දී අතහරින පිදෙල් කැස්ත්‍රෝ සිය සහෝදර රාවුල් කැස්ත්‍රෝට කියුබාවේ පාලනය බාරදී දේශපාලන දිවියේ සැඳෑ සමය ගෙවීමට යොමු වන්නේ වසර 50ට වැඩි කාලයක් එරට පාලනය හෙබවූ අසහාය චරිතයක් ලෙසය.
එය ලෝක දේශපාලන වංශ කතාවේ කස්ත්‍රෝගේ නම ඉහළින්ම ලියා තබන පියවරක් ලෙස ද සනිටුහන්වෙයි.
මෑත කාලයේ ලොව දීර්ගතම තෙවන පාලකයා ලෙස පිදෙල් කැස්ත්‍රෝ ගේ නම සටහන් වන අතර ඔහු පිටුපසින් සිටින්නේ බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබත් මහා රැජිණ සහ තායිලන්තයේ මියගිය භූමිපොල් රජුය.

