ඔස්ට්‍රේලියාවේ සියලුම පාසැල් වල අවසාන විභාග “open-book” නොහොත් විවෘත පොත් සහිත විභාගයක් ලෙස පවත්වන ලෙස ඔස්ට්‍රේලියානු ගුරුවරුන්ගේ සංගමය හෙවත් Australian Tutoring Association (ATA) ඉල්ලීමක් කර තිබේ.
දැනට පවතින සාම්ප්‍රදායික විභාග ක්‍රමය යටතේ අනාගතයට අවශ්‍ය වන පරිදි ශිෂ්‍යන්ගේ කුසලතා මැනීමට අපහසු බවද විචාරාත්මක සිතීම් යටපත් වන බවද ඔස්ට්‍රේලියානු ගුරුවරුන්ගේ සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී Dhall told SBS සේවයට පැවසීය.
දැනුම යොදවනවා වෙනුවට එය මතක තබා ගැනීම, මේ වන විට සිසුන්ගෙන් අප අපේක්ෂා කරන බව ඔහු පැවසීය. ඔවුන් සම්පත් කෙලෙස භාවිත කරනවාද යන්නට වඩා ඔවුන්ගේ මතකයේ තරම කොපමණ හොඳද යන්න පිළිබඳ පීඩනයක් පවතින බවද ඔහු පැවසීය.
තම රචනාවන් නැවත නැවත ලිවීමට පසුගිය සති කිහිපයම තමන් කැප කළ බව MLC පාසලේ 12 වසරේ ඉගෙනුම ලබන Natasha Opacic, SBS සේවයට පැවසීය.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ද්විතීය පාසැල් වල ඉහලම අධ්‍යාපන සුදුසුකම වන උසස් පෙළ සහතික පත්‍ර විභාගය (HSC) සඳහා සහභාගී වන සිසුන් 77,163 දෙනාගෙන් ඇය එක් අයෙකි.
“මට හැඟෙන විදියට බොහෝ දේවල් මතක තබා ගන්නට සිදුවෙනවා. මොකද, විභාගයේදී ඒ අය මොනවා අහයිද කියලා විශ්වාස කරන්න අමාරුයි.” Natasha පැවසීය.
පෙර සූදානම් කළ ප්‍රතිචාර වලට අවස්ථාව අවම කර ඇති නිසා උසස් පෙළ සහතික පත්‍ර විභාගය (HSC) සඳහා විවෘත පොත් විභාගයක් හඳුන්වා දීමට කිසිදු සැලැස්මක් නැති බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අධ්‍යාපන මණ්ඩලය SBS සේවයට පැවසීය.
උසස් පෙළ සහතික පත්‍ර විභාගයේ සිසුන්ගේ ලකුණු වලින් 50%ක් පිරිනැමෙන්නේ ඔවුන්ගේ පාසැල් කාලය තුළ සිදු කරන ඇගයීම් වලින් බව නිව් සවුත් වේල්ස් ද්විතීය විදුහල්පතිවරුන්ගේ සභාවේ සභාපති Chris Presland පැවසීය. එහි බොහෝ ඇගයීම්, පැවරුම් හෝ පර්යේෂණ පාදක කරගත් කාර්යයන් බවද ඔහු වැඩි දුරටත් පැවසීය.
විවෘත පොත් විභාගය සඳහා තමන් කැමති බව බටහිර සිඩ්නි හි Maronite විද්‍යාලයේ 12 වසරේ ඉගෙනුම ලබන Jennifer Katrib පැවසීය.
ඔබ නොසන්සුන් වුවහොත් ඔබ පාඩම් කළ ඇතැම් දේ විභාගය පවත්වන විට අමතක වී යාමට ඉඩ ඇති බව ඇය පැවසීය.
කෙසේවෙතත්, එම පාසලේම 12 වසරේ ඉගෙනුම ලබන George Sassine පැවසුවේ, සටහන් තබාගත් පිටුවක් තබාගැනීමට තමන් කැමති බවය. නමුත් එය විභාග අරමුණු වලට පටහැනි බවද ඔහු පවසයි.
ඔස්ට්‍රේලියාවේ අවසන් උසස් පෙළ සහතික පත්‍ර විභාගය එළඹෙන නොවැම්බර් 4 වනදායින් අවසන් වීමට නියමිතය.

