SKIP TO MAIN CONTENT

ලැව්ගිනි අස්සේ ගිනිකෙළි මොකටද : නව වසරේ ගිනිකෙළි සංදර්ශන වලට බොහෝ ඔස්ට්‍රේලියනුවන්ගෙන් විරෝධතා

new year fire works in Sydney

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

රටේ බොහෝ ප්‍රදේශ ලැව්ගිනි තර්ජනයට ලක්ව තිබියදී ගිනිකෙළි සංදර්ශන පවත්වන බවට වන මහජන චෝදනා මධ්‍යයේ බොහෝ අගනගර වල අද (31 Dec) මධ්‍යම රාත්‍රියේ දී නව අවුරුදු උදාව සමරනුවස් ගිනිකෙළි සංදර්ශන පැවැත්වෙනු ඇති බවට වාර්තා වේ.

කාලගුණය මඳ වශයෙන් යහපත් අතට හරි ඇති බැවින් ඇඩිලේඩ් සහ මෙල්බර්න් යන අගනගර වල අද මධ්‍යම රාත්‍රියේදී ගිනිකෙළි සංදර්ශන පැවැත්වීමට නියමිතයි. එසේම බ්‍රිස්බේන් සහ පර්ත් යන නගර වලද නව අවරුදු උදාව පිළිගනිම වෙනුවෙන් වන ගිනිකෙළි සංදර්ශන සුපුරුදු ලෙසින් පැවැත්වෙනු ඇත.

එහෙත් ලැව්ගිනි හේතුවෙන් ඇතිවුණු දුමාරය හේතුවෙන් ටෙරටරිය පුරා බලපැවැත්වෙන Total fire ban තත්වයක් ප්‍රකාශයට පත්කොට ඇති බැවින් අද (දෙසැ 31) මධ්‍යම රාත්‍රියේ කැන්බරා අගනුවර ගිනිකෙළි සංදර්ශන නොපැවැත්වීමට ඕස්ට්‍රේලියන් කැපිටල් ටෙරටරිය දැනටමත් තීරණයකොට ඇත.

කෙසේ වෙතත් ලැව්ගිනි තර්ජනය දරුණු ලෙසින් පවතින නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අද දිනයේදී ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම සිදුවෙනු ඇති අතර එය බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්දව වන ප්‍රතිපාදන මේ සඳහා දැනටමත් ආයෝජනය කොට ඇතිහෙයින් එම ගිනිකෙළි සංදර්ශනය නොපවත්වා සිටීමෙන් බදු මුදල් ගෙවන්න්ගේ මුදල් වලට අසාධානරනයක් වනු ඇති බවට ප්‍රාන්ත අගමැතිනියගේ අදහස වී තිබේ. මේ නිසා අද දිනයේදී සිඩ්නි වරාය පාලම මතදී සුපුරුදු ලෙසින් ගිනිකෙළි සංදර්ශනය පැවැත්වෙන අතර දැනට ප්‍රාන්තය පුරා ක්‍රියාත්මක total fire ban හෙවත් ගිනි හෝ ඒ ආශ්‍රිත ක්‍රියා තහනමෙන් මෙම සිඩ්නි නුවර ගිනිකෙළි උත්සව සංවිධායකයින් නිදහස් කර ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now