SKIP TO MAIN CONTENT

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේ පළමු දිනයේදීම ඔස්ට්‍රේලියාවට ඵලදායී ප්‍රතිඵල.

CHOGM 2018
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

25 වන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව බ්‍රිතාන්‍ය මහ රැජිණගේ ප්‍රධානත්වයෙන් ඊයේ ලන්ඩන් නුවර දී ආරම්භ විය.

එහි පළමු දිනයේදීම ඔස්ට්‍රේලියාවට ඵලදායී ප්‍රතිඵල අත්කරගැනීමට හැකිවූ බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් පවසයි.

ඊයේ දිනයේදී TPP හෙවත් අන්තර් පැසිෆික් සහයෝගීතාව පිළිබඳ බොහෝ රාජ්‍ය නායකයින් සමග සාකච්ඡා කළ බවත් TPP ගිවිසුමට අයත් නොවන රටවල් පවා ඊට සහයෝගය පළ කළ බවත් අගමැති ටර්න්බුල් පැවසීය.

බ්‍රිතාන්‍යය ද අන්තර් පැසිෆික් සහයෝගීතාව ට අනාගතයේදී එකතුවනු ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය.

කෙසේනමුත්, එම සාකච්ඡා වලදී ආරක්ෂාව පිළිබඳ ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ බව ද අගමැති ටර්න්බුල් පැවසීය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now