Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ පළමු නිවාස ගැනුම්කරුවන් පිළිබඳ වාර්තා වන නවතම පුවත මෙන්න (SBS සිංහල/ වාර්තා)

නිවාස ණය ලබාගැනීමේ ඔස්ට්‍රේලියාවේ පළමු නිවාස ගැනුම්කරුවන් සංඛ්‍යාව 2023 ජනවාරි මාසයේදී 8.1% කින් පහත වැටී ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ මුල්‍ය සංඛ්‍යාලේඛන ප්‍රධානී Mish Tan පැවසුවාය.

First-home buyer loans fell to a six-year low in Australia

First-home buyer loans fell to a six-year low in Australia Source: AAP

නිවාස ණය ලබාගන්නා ඔස්ට්‍රේලියාවේ පළමු නිවාස ගැනුම්කරුවන්ගේ සංඛ්‍යාව වසර 6 කින් පහළම අගය වාර්තා කර තිබේ.

2017 පෙබරවාරියේ මාසයේ සිට මේ දක්වා ගතවු වසර 6 තුළ ඔස්ට්‍රේලියාවේ නිවාස ණය ලබාගැනීමේ පළමු නිවාස ගැනුම්කරුවන්ගේ සංඛ්‍යාවේ අඩුම අගය 2023 ජනවාරි මාසයේ වාර්තා වී ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

නිවාස ණය ලබාගැනීමේ ඔස්ට්‍රේලියාවේ පළමු නිවාස ගැනුම්කරුවන් සංඛ්‍යාව පහළට

නිවාස ණය ලබාගැනීමේ ඔස්ට්‍රේලියාවේ පළමු නිවාස ගැනුම්කරුවන් සංඛ්‍යාව 2023 ජනවාරි මාසයේදී 8.1% කින් පහත වැටී ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ මුල්‍ය සංඛ්‍යාලේඛන ප්‍රධානී Mish Tan පැවසුවාය.

“Owner-occupier first home buyer හෙවත් පදිංචිය සඳහා නිවසක් ගැනීමේ පළමු නිවාස ගැනුම්කරුවන්ට නිවාස ණය දීම 2021 ජනවාරියේ ඉහළ මට්ටමක සිට අඛණ්ඩව පහත වැටුණු බවද ඇය සඳහන් කළාය.

COVID-19 වසංගතය හේතුකොටගෙන ලබාදුන් සහන සහ දීමනා මාර්ග අවසන් වීමත් සමඟ මෙම පහත වැටීම සිදුවිය.

New loan commitments to owner occupier first home buyers (seasonally adjusted), number, by state.png
Credit: ABS

"ඉහළ යන පොලී අනුපාත හේතුවෙන් ණය ගැනීමේ හැකියාව අඩුවීම මෑත මාසවල නව නිවාස ණය සඳහා වූ සමස්ත ඉල්ලුම තවදුරටත් අඩු කිරීමට හේතු වූ බව ණය ලබා දෙන්නන් පැවසුවා." යනුවෙන්ද ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ මුල්‍ය සංඛ්‍යාලේඛන ප්‍රධානී Mish Tan පැවසුවාය.

නිවාස සඳහා වූ නව ණය බැඳීම්වල සමස්ත වටිනාකම 2023 ජනවාරි මාසයේදී ඩොලර් බිලියන 22.1 දක්වා 5.3% කින් පහත වැටී ඇත.

සමස්ත නව owner-occupier loan හෙවත් පදිංචිය සඳහා නිවසක් ලබාගැනීමේ ණය බැඳීම්වල වටිනාකම ඩොලර් බිලියන 14.7 දක්වා 4.9% කින් පහත වැටී ඇති අතර නව ආයෝජන නිවාස ගැනීම සඳහා වූ ණය බැඳීම් 6% කින් ඩොලර් බිලියන 7.4 දක්වා පහත වැටී ඇත.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ණය දෙන්නන් අතර owner-occupier housing loan හෙවත් පදිංචිය සඳහා නිවසක් ලබාගැනීමේ ණය refinancing හෙවත් ප්‍රතිමූල්‍යකරණයේ වටිනාකම 1.9% කින් පහත වැටී ඇති නමුත් ඩොලර් බිලියන 12.7ක වාර්තාගත ඉහළ මට්ටමට ආසන්නව පැවතුනි.

මේ අතර RBA හි මුදල් අනුපාත ඉලක්කය ඉහළ යාමත් සමඟ ණය ලබගත්තවුන් අඩු පොලී අනුපාත අරමුණු කරගනිමින් ණය ලබදුන්නන් මාරු කිරීම දිගටම සිදු කරගෙන ගිය බවද වාර්තා වේ.

New loan commitments, total housing (seasonally adjusted), values, Australia – excluding refinancing.png
Credit: ABS

පෞද්ගලික මුල්‍ය තත්ත්වය

Fixed term පුද්ගලික ණය සඳහා වූ සම්පූර්ණ නව ණය බැඳීම්වල වටිනාකම 0.5% කින් ඉහළ ගොස් ඇත.

වාහන මිලදී ගැනීම සඳහා ණය ලබා දීම 0.4% කින් පහත වැටී ඇති අතර ගෘහ භාණ්ඩ මිලදී ගැනීම සඳහා ණය ලබා දීම තවත් වාර්තාගත ඉහළ අගයක් දක්වා 6.2% කින් ඉහළ ගොස් තිබේ.

මේ අතර සංචාරක සහ නිවාඩු ගමන් සඳහා ණය දීම වසර 2018 අග භාගයේ සිට දක්නට ලැබුණු ඉහළම මට්ටමට එනම් 0.9% කින් ඉහළ ගොස් ඇත.


3 min read

Published

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now