ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියට නම් කළ විදේශීය ක්‍රීඩකයෝ පස් දෙනෙකු තරගාවලියෙන් ඉවත් වෙති

Andre Russell.

Andre Russell Source: AAP

ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියට නම් කළ විදේශීය ක්‍රීඩකයෝ පස් දෙනෙකු තරගාවලියෙන් ඉවත් වී තිබේ.

Andre Russell, Faf du Plessis, David Miller, Dawid Malan සහ Manvinder Bisla මෙසේ LPL තරගාවලියෙන් ඉවත්වීම නිවේදනය කළ විදේශීය ක්‍රීඩකයෝ පස් දෙනා වෙති.

LPL තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් නම් කරනු ලැබුවේ පසුගිය සතියේදීය.

නොවැම්බර් 27 වන දින ආරම්භ වන දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර පැවත්වෙන එක් දින ජාත්‍යන්තර තරගාවලිය නිසා du Plessis, David Miller, Dawid Malan LPL තරගාවලියට සහභාගී නොවන බව සඳහන් කර තිබේ.

එමෙන්ම ආබාධයක් හේතුවෙන් Andre Russell ද LPL තරගාවලියට සහභාගී නොවන බව සඳහන් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වාර්තා කරයි.

නමුත් Manvinder Bisla ගේ ඉවත් වීමට තවමත් ඔහු විසින් නිසි හේතුවක් ලබා දී නොමැති බවද සඳහන්.

LPL තරගාවලිය නොවැම්බර් 21 වන දින ආරම්භ කර දෙසැමබර් 13 වන දින අවසන් කිරීමට සැලසුම් කර තිබේ.


1 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now