SKIP TO MAIN CONTENT

තුර්කියේ සෞදි තානාපති කාර්යාලය ඇතුලට ගොස් යලි කිසිදින එලියට නොආ මාධ්‍යවේදී කශෝජි ට අවසානයේදී සාධාරණය ඉටුවෙයි

Jamal Khashoggi
Jamal Khashoggi

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

පසුගිය වසරේ තුර්කියේ ඉස්තාන්බුල්හි සවුදි කොන්සල් කාර්යාලයේදී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ජමාල් කශෝජි ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබියේ අධිකරණය විසින් පුද්ගලයින් 5 දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ. එසේම තවත් තිදෙනෙකුට සිරදඬුවම් නියම කොට තිබේ.

සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් යටතේ සේවය කරමින් සිටි ජමාල් කශෝජි පසුව සෞදි රජය විවේචනය කිරීම හේතුවෙන් එල්ලවුණු ජිවිත තර්ජන නිසා ඇමරිකාවට පැනගියේය. ඉන්පසුව ඇමරිකාවේ වොෂින්ටන් පුවත්පතට සම්බන්දව නිදහස් මාධ්‍යවේදියෙකු ලෙසින් තවදුරටත් සෞදි රජයේ ක්‍රියාකලාප විවේචනයට ලක්කළේය. ඉන් පසුව ඔහුට ඇමරිකාවේදී මුණගැසුණු තුර්කි ජාතික කාන්තාවක විවාහ කරගැනීම සඳහා අවශ්‍ය ලියකියවිලි සම්බන්ද කටයුත්තක් උදෙසා තුර්කියේ පිහිටි සෞදි තානාපති කාර්යාලයට ගිය අවස්ථාවකදී ඔහුව මෙසේ ඝාතනයට ලක්විය.

මෙම ඝාතනයට සම්බන්දව මරණ දඬුවම් හිමිවුණු ඇතැම් පුද්ගලයින්, සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් කුමරු හට සේවය කරන පුද්ගලයින් හෙයින් මෙම ඝාතනයට ඔහුගේද සම්බන්දයක් ඇතැයි ජාත්‍යන්තරයෙන් එල්ලවන චෝදනා සෞදි රජය ප්‍රතික්ෂේප කොට සිටී.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now