මේ දිනවල ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක් සදහා සහභාගී වීමට දකුණු අප්‍රිකාව බල පිටත්ව යාමට නියමිත අතර, එම තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කෙටි සංචාරයක් සදහා ඕස්ට්‍රේලියාවට පැමිණීමට නියමිතයි.
2017 පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර විස්සයි විස්ස තරගාවලියක්
පළමු විස්සයි විස්ස තරගය 2017 පෙබරවාරි 17දා MCG ක්‍රීඩාංගනයේදී

(MCG ක්‍රීඩාංගනය මෙල්බර්න්)
දෙවැනි විස්සයි විස්ස තරගය 2017 පෙබරවාරි 19දා Geelong හී Simonds ක්‍රීඩාංගනයේදී

AFL තරග පැවැත්වීමට ප්‍රචලිත ක්‍රීඩාංගනයක් වන වික්ටෝරියානු ප්‍රාන්තයේ Geelong නගරයේ Simonds ක්‍රීඩාංගනය හෙවත් Kardinia Park ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පලමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය මෙය වනු ඇති. ඒ අනුව ඕස්ට්‍රේලියාව තුල ජාත්‍යන්තර ක්‍රිකට් වරම් හිමි කරගන්නා 21 වැනි ක්‍රීඩාංගනය Geelong හී Kardinia Park ක්‍රීඩාංගනයයි.
තුන්වැනි විස්සයි විස්ස තරගය 2017 පෙබරවාරි 22දා ඇඩිලේඩ් හිදී

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර මෙම සංචාරය යටතේ පැවැත්වෙන අවසන් විස්සයි විස්ස තරගය 2017 පෙබරවාරි 22දා දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ඇඩිලේඩ් ඕවල් හිදී පැවැත්වීමට නියමිතයි.

