සිඩ්නි විද්‍යාලය විසින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව ඕස්ට්‍රේලියානු සේවකයින් වැඩිපුර නිවසේ සිට රාජකාරී කිරීමට කැමැත්තක් දක්වයි.
මෙම සමීක්ෂණය සිදු කල මහාචාර්ය Matthew Beck පවසන්නේ කොරෝනා වසංගතය හේතුවෙන් දීර්ඝ කාලීන වෙනසක් ඇති කිරීමට හේතු වී ඇති බවයි . මාස 9ක් පමණ නිවසේ සිට රාජකාරි කිරීම සිදු වූ නිසා ආයතන නිවසේ සිට රාජකාරී කිරීම ඉතා සාර්ථක ක්‍රමයක් ලෙස හදුනා ගෙන තිබේ.

මෙම සමීක්ෂණයට අනුව කළමනාකරුවන්ට නිවසේ සිට වැඩ කරන පැය ගණන දෙගුණයකින් වැඩි වූ අතර ලිපිකරු රැකියා සදහා එය තුන් ගුණයකින් වැඩි වී තිබේ. එසේම ඕස්ට්‍රේලියානුවන් ඒ නිසා මුදල් ඉතිරි කිරීමද වැඩි වී තිබේ. ඔවුන්ට ජුනි-ජුලි මාස තුල ඩොලර් බිලියන 4ක් පමණ ඉතිරි කිරීමට හැකි වී තිබේ.
Worrells Solvency & Forensic Accountants ආයතනය රට පුරා ප්‍රදේශ 33ක සේවකයින් 200 දෙනෙකු පමණ සිටින ආයතනයකි. එහි මේල්බන් නුවර Ivan Glavas පවසන්නේ සති 16 lockdown කාලය ආරම්භ වන විට සේවක පලදායීතාව අඩු වෙන බවට සිතුවත් , සැබවින්ම පලදායීතාව වැඩි වූ බව.
Ivan Glavas පවසන්නේ දැන් දුරස්ථව රැකියා කිරීම සාමාන්‍ය කරුණක් බවට පත් වී ඇති නිසා සේවකයින් නිවසේ හා කාර්යාලයේ යනුවෙන් ද්විත්ව ආකාරයට සේවය සැපයීමට ඉල්ලා ඇති බවයි. ඒ නිසා 50%ක් නිවසේ හා 50%ක් කාර්යාලයේ ලෙස කටයුතු කිරීමට ඔහු ඉඩ ලබා දෙන අතර , විශේෂයෙන් එමගින් සේවකයන්ගේ මානසික තත්වය යහපත් වන බවත් ඔහු පවසයි .

Redback Connect නම් ආයතනය විසින් සිදු කල සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ ඕස්ට්‍රේලියානුවන් 86%ක් දෙනා මෙසේ යම් නිවසේ සිට රාජකාරී කිරීමේ කටයුතු සිදු කිරීමේ හැකියාව ස්ථිර ලෙස පැවතීමට කැමති බවයි.
Jeff Downs පවසන්නේ නිවසේ සිට රැකියා කිරීමේදී පලදායීතාවක් ඇති බවට සේවකයින් කෙරෙහි විශ්වාසය තැබීම සිදු වන නිසා එම වගකීම ඔවුන්ට ලැබීමත් සේවකයින් කැමැත්තක් දක්වන කරුණක් බව.
ඒ අනුව covid 19 හේතුවෙන් සේවා ස්ථාන වල දුරස්ථව සේවය කිරීම කෙරේ විශ්වාසයක් ගොඩ නැගී ඇති අතර ව්‍යාපාර උපදේශකයකු වන Cindy Drake පවසන්නේ දැන් ව්‍යාපාර විසින් සේවකයින්ට මේ දේ කල යුතු යයි උපදෙස් වීම වෙනුවට ඔවුන්ගෙන් වෙනස් අකාරයේ කුමන වෙලාවේදී එම රාජකාරිය කල හැකි දැයි අසන තත්වයට පත්ව ඇති බවයි.

නමුත් රාජකාරී කාලයෙන් මිදීමට අපහසු පුද්ගලයින්ට නිවසේ සිට රාජකාරී කිරීමේදී නැවත පෞද්ගලික ජීවිතයට යොමු වීමට අසීරු විය හැකියි. NSW රජයේ Business Connect නම් වැඩසටහනේ උපදේශිකාවක වන Nazanin Majidi පවසන්නේ නිවසේ සිට රැකියාව කරන විට ඇය විවේකයක් නොගන්නා හෙයින් පලදායීතාව වැඩි වන බව.
Ivan Glavas පවසන්නේ එසේ තම පෞද්ගලික ජීවිතය සමග සමබරතාවයක් පවත්වා ගැනීමට අපහසු පුද්ගලයින්ට ආතතිය අවම කිරීමට ව්‍යාපාර විසින් කටයුතු කල යුතු බවයි . බොහෝ සේවකයින් නිවසේ සිටින විට අසනීප නිවාඩු පවා ගැනීමට යොමු නොවන නිසා එය අභියෝගයක් වන බවත් ඔහු පවසයි.

Redback Connect හි Jeff Downs පවසන්නේ සේවකයින් සමග ඔවුන්ට ගැලපෙන ක්‍රමයකට මෙම නිඅසේ සිට රාජකාරි කිරීමේ ක්‍රමය යොදා ගැනීම ඔවුන් මානසික ආතතියන් මිදීමට උපකාර වනු ඇති බවයි. එය දින 4ක් වැඩි පැය ගණනක් සේවය කොට තවත් දින 3ක් නිවාඩු ගැනීම හෝ දරුවන් පාසලට ගෙන යන විට පැයක් පමණ ඒ සදහා යොදවා එම කාලය නැවත දරුවන් නිවසට පැමිණ නින්දට ගිය පසු ස්වා සදහා යෙදවීම වැනි විකල්ප කෙරේ අවධානය යොමු කල හැකි වේ.
නමුත් මෙහිදී සියලුම රැකියා නිවසේ සිට කිරීමට අපහසු බව මතක තබා ගත යුතුයි. ඒ පිළිබද සාකච්චා කිරීමේදී ඔබේ රකියාව අනුව එම හැකියාව වෙනස් විය හැකියි. ඔබට ඇති ඉලක්ක සම්පුර්ණ කර ගැනීමට නම්‍යශීලී ක්‍රම ඔස්සේ ඇති හැකියාව පිළිබද පැහැදිලි සැලැස්මක් තිබීම වැදගත් වේ.
Fair Work Ombudsman website වෙබ් අඩවියෙන් මෙසේ නම්‍යශීලී ලෙස රැකියා කිරීමට ඇති අයිතීන් පිලිබදව තොරතුරු ලබා ගන්න.
භාෂා පරිවර්තන සේවා සදහා 131450 අමතන්න

