SKIP TO MAIN CONTENT

ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක්. 17 ක් මරුට 3 කට බරපතලයි.

Florida high school shooting
Source: AAP

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඇමෙරිකා එක්සත් ජනපදයේ Florida  හි උසස් පාසලක ඊයේ (14/02) වෙඩි තැබීමක් සිදුවී ඇති අතර මේ වන විට ඉන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තවත් තිදෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බව වාර්තා වේ.

Florida  හි පාර්ක්ලන්ඩ් ප්‍රදේශයේ පිහිටි Marjory Stoneman Douglas උසස් පාසලේ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර එම වේදී තැබීම සිදු කර ඇත්තේ එම පාසලේම ඉගෙනුම ලැබූ 19 හැවිරිදි Nikolas Cruz නැමති තරුණයෙකු විසින් බව මේ වන විට හඳුනා ගෙන තිබේ.

විනය කඩ කිරීමක් හේතුවෙන් ඔහුව පාසලෙන් නෙරපා තිබු බවද වාර්තා වේ.

Florida high school shooting
In this frame grab from video provided by WPLG-TV, students from the Marjory Stoneman Douglas High School in Florida Source: AAP

ඔහු සතුව AR-15 වර්ගයේ රයිෆලයක් තිබී ඇති බවට තොරතුරු ලැබී ඇති අතර සිසුන් 12 දෙනෙකු පාසල තුළද දෙදෙනකු පාසලින් පිටතද එක අයෙකු පාසල අසල වීදියකද අනෙක් දෙදෙනා රෝහලේදී ද මිය ගොස් ඇති බව වාර්තා වේ.

වෙඩි තැබීම සිදු කළ බවට සැක කෙරෙන තරුණයා මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.

Florida high school shooting
Source: AAP

පසුගිය දශක තුන ඇතුලත ඇමෙරිකානු ඉතිහාසයේ වාර්තාවූ මාරාන්තික සමූහ ඝාතන වලින් එකක් ලෙස මෙය හැඳින්වෙන අතර මේ වසරේ  අමෙරිකාවෙන් වාර්තාවූ 18 වන පාසල් සම්බන්ධ වෙඩි තැබීමේ සිදුවීම බවද සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now