SKIP TO MAIN CONTENT

පියවරුන්ගේ දිනය නිමිත්තෙන් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ Aged Care වල අමුත්තන් ට පනවා ඇති කොරෝනා නීති ලිහිල් කිරීමට අවධානය

Carers Support
Elderly care in nursing home - doctor with patient. Source: Getty Images

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

එළඹෙන ඉරිදා ට (06/09) දී ඇති පියවරුන්ගේ දිනය නිමිත්තෙන් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ වැඩිහිටි සත්කාරක නිවාස සඳහා දැනට ක්‍රියාත්මක අමුත්තන් පැමිණීමේ ක්‍රියාපරිපාටිය සඳහා පවතින නීති ලිහිල් කිරීම කෙරෙහි ප්‍රාන්ත රජයෙහි අවධානය යොමුවෙයි.

ප්‍රාන්තයේ අද වන විට නව කොරෝනා අසාදිත පුද්ගලයින් 10 දෙනෙකු වාර්තා වීමත් සමඟ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ නැවතත් කොරෝනා හිස එසවීම පිළිබඳව සෞඛ්‍ය අංශ වල දැඩි අවධානය යොමුව තිබේ.

වැඩිහිටි නිවාස වලට අමුත්තන් පැමිණීම සැප්තැම්බර් 12 දා දක්වා ක්‍රියාත්මක නොකරන ලෙසට නිව්සවුත්වෙල්ස් සෞඛ්‍ය අංශද මේ වන විට අනතුරු අඟවා තිබේ.

එහෙත් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පවසනුයේ පියවරුන්ගේ දිනය යෙදෙන මෙම ඉරිදා දිනයට පමණක් ප්‍රාන්ත වැඩිහිටි නිවාස වලට අමුත්තන් පැමිණීම සම්බන්ද නීති ලිහිල් කිරීම පිළිබඳව සලකා බලමින් සිටින බවයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now