SKIP TO MAIN CONTENT

දශක තුනකට පසු ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියානු ආර්ථිකය අවපාතයකට

Australians should expect more interest rate rises but the risk of recession low, RBA governor says
Source: AAP

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය දශක තුනකට පසු ප්‍රථම වතාවට අවපාතයකට ඇද වැටී ඇත.

ජුනි කාර්තුවේ ජාතික ගිණුම් සංඛ්‍යාලේඛන, සියයට 7 ක ආර්ථික පසුබෑමක් පෙන්නුම් කරයි.

කොරෝනා තත්වය හිස එසවීමෙන් අනතරුව මෙරට දළ දේශීය නිෂ්පාදනයේ විශාලතම පසුබෑම මෙය බවද වාර්තාවේ.

මේ වසරේ මාර්තු මසින් ආරම්භ වුනු කාර්තුවේ ආර්ථික පසුබැසීම සියයට 3 ක් ලෙසට සනිටුහන් වී තිබිණ.

භාණ්ඩාගාරික ජොෂ් ෆ්‍රයිඩන්බර්ග් පවසන්නේ කොරොන වයිරසය මෙරට ආර්ථිකයට දැඩි විනාශකාරී බලපෑමක් ඇතිකොට ඇති බව මෙම දත්ත සහ සංඛ්‍යා මගින් සනාථ කරන බවයි.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාව මෙලෙස ආර්ථික අවපාතයකට ඇදවැටී ඇතත් කොරෝනා වසංගතයේ බලපෑම ඇති වෙනත් බොහෝ රටවලට වඩා මෙරට ආර්ථිකය හොඳින් පාලනය කර ඇති බව භාණ්ඩාගාරික අමාත්‍ය ජොෂ් ෆ්‍රයිඩන්බර්ග් වැඩිදුරටත් පවසා සිටී.

ඔහු පවසන්නේ වික්ටෝරියා ප්‍රාන්තය හැර අනෙකුත් ප්‍රාන්ත සහ ටෙරටරි වල කොරෝනා සමනයට පත්වීමේ සලකුණු වැඩෙමින් පවතින බවයි.

මේ අතර ඔස්ට්‍රේලියාවට මුහුණ දීමට සිදුව ඇති මෙම ආර්ථික අවපාතයට යම් සහනයක් ගෙනදීම උදෙසා ඩොලර් බිලියන 158 ක පුද්ගල ආදායම් බදු සහනයක් ඉදිරිපත් කිරීමට මධ්‍යම රජයේ අවධානය යොමුවෙයි.

මේ සම්බන්දයෙන් වැඩිදුරටත් අදහස් දක්වන භාණ්ඩාගාරික ජොෂ් ෆ්‍රයිඩන්බර්ග් පවසන්නේ මෙම මුල්‍ය වර්ෂය සඳහා ඔක්තෝම්බර් 6 වන දින ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ට පෙර මේ පිළිබඳව සලකා බලෙන බවයි.

 

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now