2023 වසරේ ජාත්‍යන්තර සංචාර සඳහා ලොව ප්‍රකට Forbes සඟරාව නම් කළ ලොව හොඳම සංචාරක ගමනාන්ත 23 අතරට ශ්‍රී ලංකාවත් නම් කර තිබේ.
Forbes සඟරාව විසින් වාර්ෂිකව මෙම ලැයිස්තුව ප්‍රකාශයට පත් කරයි.
2023 ලොව හොඳම සංචාරක ගමනාන්ත 23 අතරට ශ්‍රී ලංකාවත්
2023 වසරේ සංචාරය කිරීම සඳහා ලොව හොඳම සංචාරක ගමනාන්ත 23න් එකක් ලෙස ලොව ප්‍රකට Forbes සඟරාව ශ්‍රී ලංකාව ලැයිස්තුගත කර තිබේ.
ජාත්‍යන්තර සම්මානලාභී සංචාරක චිත්‍රපට නිෂ්පාදකවරියක් සහ ලොව පුරා වික්‍රමාන්විත හා විනෝදජනක ක්‍රියාකාරකම් ප්‍රදර්ශනය කරමින් ඩිජිටල් අවකාශයේ ජාත්‍යන්තර සංචාරක ගමනාන්ත පිළිබඳ විවිධ වාර්තා සපයන සංචාරක කර්මාන්තයේ ප්‍රධාන සාමාජිකාවක් වන Juliana Broste විසින් ශ්‍රී ලංකාව 2023 වසරේ ලොව හොඳම සංචාරක ගමනාන්තයක් ලෙස Forbes සඟරාවට නම් කර ඇත.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
Instagram හි @TravelingJules සහ travelingjules.com වෙබ් අඩවිය හරහා Juliana ඇයගේ සංචාරක අත්දැකීම් ලෝකයට කියා පාමින් සිටී.
ශ්‍රී ලංකාව ගැන Forbes සඟරාවේ ලියැවුණු දේ
ශ්‍රී ලංකාව මේ වන විට දැඩි අර්බුදකාරී සමයක් පසු කරන බව නොරහසක් වන නමුත් ශ්‍රී ලංකාවේ අගනුවර වන කාර්යබහුල කොළඹ නගරයේ සිට සුන්දර වෙරළ තීරයන්, කුඹුරු, දිය ඇලි, තැනිතලා, වනාන්තර සහ කඳුකරය දක්වා ශ්‍රී ලංකාවේ අසිරිය විඳගත හැකි බව Juliana Broste සිය සටහනේ දක්වා තිබේ.
"ලංකාව තුළ සාපේක්ෂව කෙටි දුරක් තුළ නැරඹීමට බොහෝ දේ ඇති බැවින් ඔබේ කැමරාව සැමවිටම සූදානම්ව තබා ගන්න." යනුවෙන් Juliana අවධාරණය කර තිබේ.

වනජීවීන් නැරඹීම අතින් ගත් කලද ශ්‍රී ලංකාව ඉතා විශිෂ්ට මට්ටමක ඇති බව ද ඇය සඳහන් කළාය.
"ඔබට අලි නැරඹීමට අභයභූමියකට සෆාරි යන්න පුළුවන්, ඉන්දියන් සාගරයේ තල්මසුන් නැරඹීමට යන්න පුළුවන්, කඩොලානවල කුරුල්ලන් නැරඹීමට යන්න පුළුවන්, තවත් විශාල පරාසයක සතුන් නැරඹීමට යන්න පුළුවන්." යන වචන පෙළින් Juliana ඉහත වැකිය සනාථ කර ඇත.
යාල ජාතික වනෝද්‍යානයේ කොටියන් බැලීම තම මීළඟ ශ්‍රී ලංකා සංචාරයේදී සිදු කිරීමට අපේක්ෂා කරන බව Juliana සඳහන් කර තිබේ.
අනුරාධපුරය, මහනුවර වැනි ශ්‍රී ලංකාවේ සංස්කෘතික වටිනාකම්වලින් යුතු ආකර්ෂණීය ස්ථාන බොහොමයක් ඇති බවද Juliana Broste සටහන් කර ඇත.
ආගමික ස්ථානවලට යන විට ඔබේ උරහිස් සහ පාද ආවරණය වන පරිදි සම්පූර්ණ සුදු ඇඳුමකින් සැරසී යාමට වග බලා ගන්නා ලෙසද ඇය අවධාරණය කළාය.

නුවරඑළියට පැමිණීමෙන් පුංචි එංගලන්තයක අසිරිය විඳ ගැනීමේ හැකියාවක් ඇති බව ද ඇය පෙන්වා දී ඇති අතර එය ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ අපනයනයක් වන "Ceylon Tea" හෙවත් "ලංකා තේ" නිෂ්පාදනය කරනු ලබන ප්‍රධාන කලාපයක් බවද පවසා තිබේ.
සිංහ පර්වතය ලෙස හැඳින්වෙන පුරාණ සීගිරිය සහ එම නගරය ශ්‍රී ලංකාවේදී නැරඹිය හැකි විස්මයජනක සහ මනස්කාන්ත දසුනක් බවත් සීගිරිය නැගීම හරහා එම සිතිවිලි තවත් තීව්‍ර කරන බවත් Juliana ප්‍රකාශ කළාය.
ශතවර්ෂ ගණනාවකට පෙර සමස්ත ශිෂ්ටාචාරයක් මෙහි ජීවත් වූයේ කෙසේදැයි සිතීමටත් පවා අපහසු බවද ඇය සිය සටහනේ දක්වා ඇත.

