SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශනයට විදෙස් විනිසුරුවරුන් අනවශ්‍ය බව මංගල නැවතත් කියයි.

Foreign judges not the sole obsession: Mangala.
Source: Ministry of Foreign Affairs Sri lanka

1 min read

Published

By Madhura Seneviratne

Source: Daily Mirror



Skip to article content

වත්මන් ශ්‍රී ලංකා රජය අධිකරණයේ ස්වාධීන බව ස්ථාපිත කර ඇති බැවින් ශ්‍රී ලංකාවේ  සිදු වූවා යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ ක්‍රියාවලියට විදෙස් විනිසුරුවරුන් අවශ්‍ය නොවන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ  (28/03) පැවති මාධ්‍ය හමුවකදී පැවැසීය.

තිස් වසරක සිවිල් යුද්ධය සමයේදී මෙරට සිදූ වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජාත්‍යන්තරය විදෙස් විනිසුරුවරුන් අවශ්‍ය බව ඉල්ලා සිටින්නේ පසුගිය ආණ්ඩුව සමයේදී මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි තිබූ විශ්වාසය බිඳ වැටීම නිසා යැයි ද අමාත්‍යවරයා එහිදි පැවසීය.

අපක්ෂපාතී විමර්ශනයක් සඳහා ජාත්‍යන්තර විනිසුරුවරුන් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා පවසා ඇතැයි කියමින් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ බව සඳහන් කළේය. 

“ජාත්‍යන්තරය විදෙස් විනිසුරුවරුන් ඉල්ලන්නේ අප අධිකරණය ගැන විශ්වාසය නැති කම නිසයි. අපේ අධිකරණය ස්වාධීනව කටයුතු කරයි කියලා ජාත්‍යන්තරයට විශ්වාසයක් නැති වෙලා. මහින්ද රාජපක්ෂ මහතාගේ වසර දහයක පාලන කාලයේදී අධිකරණයට කළ ඇඟිලි ගැසීම්, අධිකරණය විධායකයේ අතකොළුවක් බවට පත් කරගැනීම, අගවිනිසුරුවරිය එක රැයකින් ඉවත් කිරීම, නීතිපතිවරයා ජනාධිපතිවරයා යටතට ගැනීම ආදි සිදුවීම් නිසා ජාත්‍යන්තරය එලෙස විදෙස් විනිසුරුවරුන් අවශ්‍ය බව කියනවා.‘‘ යයිද විදේශ ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය. 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now