ඔස්ට්‍රේලියාවේ භාෂා අධ්‍යනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ සූදානමක්. (SBS සිංහල /වාර්තා)

වික්ටෝරියානු ප්‍රාන්තයේ නව භාෂා ගුරුවරුන්ගේ සංගමයේ සභාපති Andrew Ferguson පවසන්නේ ජාතික භාෂා ප්‍රතිපත්තියක් ඉදිරියට පවත්වාගෙන යාමට ඔස්ට්‍රේලියාවට තවමත් නොහැකි වී ඇති බවයි. එය එක් පසකින් ලැජ්ජාවට කරුණක් බවද ඔහු පවසයි. සමස්තයක් වශයෙන් ගත් කළ භාෂා ඉගෙනීම ඔස්ට්‍රේලියානු අධ්‍යාපන පටි පාටියේ ප්‍රධානතම අංගයක් වුවත් අවාසනාවකට ඔස්ට්‍රේලියානු රජයට දශක කිහිපයක් ගත වුවත් ඒ පිළිබඳ නිසි ප්‍රතිපත්ති සකස් කිරීමට නොහැකි වී තිබෙන බවද ඔහු පෙන්වා දෙයි.

Foreign-language teachers push for new strategy

Source: Flickr

ඔස්ට්‍රේලියාවේ භාෂා අධ්‍යනයේ ප්‍රතිපල ඉහළ නැංවීම උදෙසා විදෙස් භාෂා උගන්වන ගුරුවරුන් හට ජාතික උපාය මාර්ගයක් හඳුන්වා දීමට සූදානම් වන බව වාර්තා වේ.

දශක ගණනාවක සිට විදෙස් භාෂා ඉගෙන ගැනීම අතිශය වැදගත් වූ කරුණක් ලෙස ප්‍රතිපත්ති සම්පාදකයින් හඳුනාගෙන සිටි නමුත් ඒ පිළිබඳ නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වූයේ නැත.

වික්ටෝරියානු ප්‍රාන්තයේ නව භාෂා ගුරුවරුන්ගේ සංගමයේ සභාපති  Andrew Ferguson පවසන්නේ ජාතික භාෂා ප්‍රතිපත්තියක් ඉදිරියට පවත්වාගෙන යාමට ඔස්ට්‍රේලියාවට තවමත් නොහැකි වී ඇති බවයි. එය එක් පසකින් ලැජ්ජාවට කරුණක් බවද ඔහු පවසයි. සමස්තයක් වශයෙන් ගත් කළ භාෂා ඉගෙනීම ඔස්ට්‍රේලියානු අධ්‍යාපන පටි පාටියේ ප්‍රධානතම අංගයක් වුවත් අවාසනාවකට ඔස්ට්‍රේලියානු රජයට දශක කිහිපයක් ගත වුවත් ඒ පිළිබඳ නිසි ප්‍රතිපත්ති සකස් කිරීමට නොහැකි වී තිබෙන බවද ඔහු පෙන්වා දෙයි.

මෙල්බන් විශ්ව විද්‍යාලයේ අචාර්ය Yvette Slaughter ද පවසන්නේ ෆෙඩරල් භාෂා ප්‍රතිපත්තියක් නොමැති බවින් ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණ නොවන බවයි.

වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාථමික පාසැල් වල විදෙස් භාෂා ඉගැන්වීම අනිවාර්ය වුවත් අනෙක් ප්‍රාන්ත වල එය එසේ නොවන බව ඇය පවසයි.

“ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට මේ තත්ත්වය වෙනස් වෙනවා. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ විදෙස් භාෂා ඉගැන්වීම සිදු වන්නේ ද්විතීය පාසල් මට්ටමින්. නමුත් එය පැය 100කට සීමා වෙනවා. ඒ අනුව එහි භාෂා ඉගෙනීම සඳහා පහසුකම් සැපයීමට ප්‍රතිපත්තිමය වශයෙන් බාධාවක් තිබෙනවා.” අචාර්ය Yvette Slaughter වැඩි දුරටත් පවසයි.

2015 වසරේදී සමස්ත ඔස්ට්‍රේලියාව තුළම භාෂා සහ ගණිතය ඉගෙනීමේ සැලකිය යුතු වර්ධනයක් සිදු නොවීම පිළිබඳ දැඩි විවේචන එල්ල වන්නට විය.

OECD නොහොත් ආර්ථික සහයෝගීතා සහ සංවර්ධනය පිළබඳ සංවිධානයේ අධ්‍යාපන ප්‍රධානී Andreas Schleicher ඔස්ට්‍රේලියානු අධ්‍යාපන ක්‍රමයේ ඇති අඩු පාඩු ඉකුත් මාර්තු මාසයේදී දැඩිව විවේචනය කළේය.

සෑම වසර 3කට වරක්ම වයස අවුරදු 15 පසුවන සිසුන් සඳහා පවත්වන ජාත්‍යන්තර ශිෂ්‍ය ඇගයුම් වැඩසටහනේ ප්‍රතිපල නිකුත් කිරීමෙන් අනතුරුව ඔහු එලෙස තම විවේචන එල්ල කර තිබේ.

එම දර්ශකයේ ඔස්ට්‍රේලියාවට හිමි ස්ථානය සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති අතර 20%ක සිසුන් ප්‍රතිශතයකට අවම වශයෙන් මූලික දක්ෂතා පවා විදහා දැක්වීමට එහිදී නොහැකිවී තිබේ.

ඔස්ට්‍රේලියාවේ භාෂා ඉගෙනීම පිළිබඳ ප්‍රතිපති මාලාවක් සැකසීමට එම ප්‍රතිපල මත නැවත සිතීමට ඉඩ සැලසූ බව වික්ටෝරියානු ප්‍රාන්තයේ නව භාෂා ගුරුවරුන්ගේ සංගමයේ සභාපති  Andrew Ferguson පවසයි.

“පසුගිය භාෂා සහ ගණිතමය හැකියාවන් මනිනු ලබන ජාතික ඇගයුම් වැඩසටහන් විභාගය නොහොත් NAPLAN ඇගයුම් විභාගයේ ප්‍රතිපල වල කිසිඳු වර්ධනයක් පෙන්නුම් කර නැහැ. ඒ නිසා අපි අපේ අධ්‍යාපන ප්‍රතිපත්ති පිළිබඳ නැවත සිතා බැලිය යුතු කාලය එළඹිලා. OECD නොහොත් ආර්ථික සහයෝගීතා සහ සංවර්ධනය පිළබඳ සංවිධාන දර්ශකයේ ඉහලින්ම ඇති රටවල විවධ භාෂා ඉගෙන්වීමට දෙනු ලබන ස්ථානය ඉතා ඉහළ මට්ටමක තිබෙනවා. එහිදී අනෙක් සංස්කෘතීන්ට ගරු කරමින් ඒ පිළිබඳ අධ්‍යනයක්ද සිදු කරනවා. කවුරුත් ඒ ගැන ප්‍රශ්න කරන්නේ නැහැ.” Andrew Ferguson වැඩි දුරටත් පැවසුවේය.  


3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now