SKIP TO MAIN CONTENT

මුරලි පන්දුව දමා ගසන බවට චෝදනා කළ Darrell Hair මුදල් සොරකමකට වැරදිකරු වෙයි.

Darrell Hair
Source: Getty Images

2 min read

Published

By Madhura Seneviratne



Skip to article content

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අමතක නොවන ජාත්‍යන්තර විනිසුරුවරයෙකු වූ ඔස්ට්‍රේලියාවේ Darrell Hair මුදල් සොරකමකට හසුවී අධිකරණය හමුවේ වැරදිකරු බවට වරද පිළිගෙන තිබෙන පුවතක් වාර්තා වේ.

තම ක්‍රිකට් විනිසුරු ජීවිතය හමාර කළ Darrell Hair  ඉන් අනතුරුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Orange නගරයේ මත්පැන් අලෙවි හලක සේවය කරමින් සිටින අතරේ මෙම මුදල් සොරකම සිදු කර තිබේ.

ඔහු තමා සේවය කරන වෙළෙඳ සැලෙන් මේ වසරේ පෙබරවාරි 25  සිට අප්‍රේල් 28 දක්වා කාලය තුළ ඩොලර් 9005.75 ක මුදලක් සොරාගෙන ඇති බව ඔප්පුවී ඇත.

මෙලෙස ඔහු මුදල් සොරකම් කරන අයුරු ඉකුත් මැයි මාසයේදී එම වෙළෙඳ සැලේ හිමිකරු CCTV  දර්ශන මගින් දැකීමෙන් අනතුරුව ඔහුව සේවයෙන් නෙරපනු ලැබීය.

මේ වන විට වයස අවුරුදු 65 පසුවන Darrell Hair විනිසුරු දිවියෙන් පසුව දැඩි ලෙස සූදුවට ඇබ්බැහිවී ඇති බවද වාර්තා වේ.

Darrell Hair calls Muttiah Muralitharan for chucking during the 1995 Boxing Day Test.
Darrell Hair calls Muttiah Muralitharan for chucking during the 1995 Boxing Day Test. Source: Pinterest

ලෝක ක්‍රිකට් විනිසුරු ක්ෂේත්‍රයට කළු පැල්ලමක් එක් කළ මොහු 1995 වසරේදී ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර MCG ක්‍රීඩාංගනයේදී පැවති Boxing Day ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිළේ සුපිරි පිට දඟ පන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන බවට මුල්වරට චෝදනා කරමින් ඔහුගේ පන්දු යැවීම නීත්‍යනුකූල නොවන බවට විනිසුරු තීන්දුවක් දුන්නේය.

කෙසේවෙතත්, ඉන් පසුව මුරලි ගේ පන්දු යැවීම නිවැරදි බව ICC ය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාට අමතරව පාකිස්තානය ඇතුළු රටවල් කිහිපයකටම ක්‍රිකට් පිටියේදී Darrell Hair විනිසුරුගේ කෙණෙහිලි කම් වලට ලක්වන්නට සිදු විය.

SBS පුවත් ඇසුරෙනි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now