Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ලංකාවේ නව කැබිනට් ඇමතිවරු ලෙස හිටපු ඇමැතිවරුම දිවුරුම් දෙයි

Former cabinet ministers were sworn in as new cabinet ministers
Source: Facebook

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ඊයේ (03/04) අස්වීමත් සමග අද පස්වරුවේ නව කැබිනට් මණ්ඩලයෙන් කොටසක් පත් කර තිබේ.

ඒ අනුව අදාළ කැබිනට් අමාත්‍ය ධුරවල එම අමාත්‍යවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද පස්වරුවේ දිවුරුම් දුන්නේය.

කෙසේවෙතත් මෙහිදී වෙනස්ව ඇත්තේ මුදල් ඇමති ධුරය පමණක් බව පෙනී යන අතර සෙසු පුද්ගලයින් ඉල්ලා අස්වූ කැබිනට් ඇමතිධුරවලම යළි දිවුරුම් දී තිබේ.

දැනට දිවුරුම් දුන් අමාත්‍යවරු පහත පරිදි වේ.

  • අධ්‍යාපන - දිනේෂ් ගුණවර්ධන (සභානායකවරයා)
  • විදේශ කටයුතු - මහාචාර්ය ජී.එල්. පීරිස්
  • මහාමාර්ග - ජොන්ස්ටන් ප්‍රනාන්දු (ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක)
  • මුදල් - අලි සබ්‍රි

1 min read

Published

By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now