රතුකුරුස සංවිධානය විසින් සිරිලිය සවිය වැඩසටහන සදහා ලබා දෙනු ලැබූ ඩිෆෙන්ඩර් රථයක පාට වෙනස් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (15/08) පැය දෙක හමාරක පමණ කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව වාර්තා වේ.
ඇය සමග හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාද පැමිණ සිටියේය.
රහස් පොලිසිය කළ දැනුම් දීමකට අනුව ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ පෙරවරු 10.05 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණියාය.
ඉන් අනතුරුව දහවල් 12.35 පමණ වන තුරු ඇගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව සඳහන්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද (16/08) දිනයේ යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.
මීට පෙර මේ දෙදෙනාම රහස් පොලිසියට කැදවා තිබුණු අතර ඔවුන් ඒ සදහා වෙන් දිනයක් ඉල්ලා තිබිණි.
මේ අතර, හිටපු ජනාධිපතිවරයාගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ ද ඊයේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණි සිටියේය.
රුපියල් මිලියන 320ක් පමණ වැය වූ සුප්‍රීම් සැට් වන් චන්ද්‍රිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු කැඳවා තිබුණි.

