SKIP TO MAIN CONTENT

ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙක් කොරෝනා නිසා මිය යද්දී ලොව වැඩිම දෛනික කොරෝනා අසාදන වාර්තා ද ඉන්දියාවට හිමිවෙයි

Pranab Mukherjee died at the Army's Research and Referral Hospital in Delhi at the age of 84.
Pranab Mukherjee died at the Army's Research and Referral Hospital in Delhi at the age of 84. Source: AAP Image/EPA/HARISH TYAGI

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Skip to article content

හිටපු ඉන්දීය ජනාධිපති වරයෙක් වන ප්‍රනාබ් මුකර්ජි මහතා අභාවප්‍රාප්ත වේ. Covid 19 ආසාදනය වීම හේතුවෙන් සති ගණනක් රෝහල් ගතවී සිටි ඔහු, මියයන විට 84 වන වියෙහි පසුවිය.

කොරෝනා ආසාදනය වී සිටි හිටපු ජනපති මුකර්ජි මහතා දින 22 ක කාලයක් නවදිල්ලි නගරයේ පිහිටි ඉන්දීය හමුදා රෝහලක ජීවිතයත් මරණයත් අතර සටනක නියැලී සිටියේය. ඉන්දීය හමුදා ප්‍රකාශකයෙක් සඳහන් කොට සිටියේ පෙනහැලි ආසාදනය වීම හේතුවෙන් මුකර්ජි මහතා සිහිමුර්ජා තත්වයෙන් පසුවුණු බවයි.

ඉන්දීය ජාතික කොංග්‍රසයෙන් දේශපාලනයට පිවිසි ප්‍රනාබ් මුකර්ජි මහතා ඉන්දියාවේ 13 වෙනි ජනාධිපතිවරයා ලෙසට වසර 2012 සිට 2017 දක්වා වසර 5 ක කාලයක් ඉන්දියාවේ ජනාධිපති තනතුර හෙබවීය.

මේ අතර ලොව එක් දිනකදී මෙතෙක් වාර්තා වුනු වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (අගෝස්තු 31) වාර්තා විය. එම සංඛ්‍යාව 78,761 ක් වුනු අතර මරණ 948 ක් ලෙසට වාර්තා විය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now