SKIP TO MAIN CONTENT

BREAKING: ඕස්ට්‍රේලියානු ලේබර් පක්ෂයේ හිටපු නායක Bill Shorten තමන් දේශපාලනයෙන් විශ්‍රාම යන බවට නිවේදනය කරයි

Bill Shorten admite derrota electoral
Bill Shorten_ ALP potician Source: AAP

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS



Skip to article content

ඕස්ට්‍රේලියානු ලේබර් පක්ෂයේ හිටපු නායක Bill Shorten තමන් විශ්‍රාම යන බවට අද - සැප්තැම්බර් 05 දා නිවේදනය කොට සිටියේය. ඒ අනුව ඔහු මීළඟ මැතිවරණයේදී දේශපාලනයෙන් විශ්‍රාම යනු ඇත.

දැනට, ඕස්ට්‍රේලියාවේ ජාතික ආබාධිත රක්‍ෂණ යෝජනා ක්‍රමය භාර අමාත්‍යවරයා ලෙසට බිල් ෂෝර්ටන් මහතා කටයුතු කරයි. එසේම වසර හයක් ෆෙඩරල් ලේබර් පක්ෂයේ (කම්කරු පක්‍ෂයේ) විපක්ෂයේ නායකයා ලෙස කටයුතු කර ඇත.

කම්කරු පක්ෂය 2013 පැවති මැතිවරණ පරාජයෙන් හිටපු කම්කරු පක්ෂ අගමැති කෙවින් රඩ්ගෙන් කම්කරු පක්ෂයේ නායකත්වය භාරගත් ෂෝටෙන් මහතා 2016 මැතිවරණයේදී අසාර්ථක වූ අතර ඒ අනුව ඔහුට රටේ අගමැති තනතුර සඳහා තේරී පත්වීමට නොහැකි විය

2016 මහ මැතිවරණයේදී ලේබර් පක්ෂය, ජයග්‍රාහී ලිබරල් සන්ධානයට පරාජයට පත්වූයේ එක් ආසනයකින් පමණි. පසුව 2019 මැතිවරණ මහ මැතිවරණයෙන්ද ලේබර් පක්ෂය පරාජයට පත්වීමෙන් පසුව එහි නායකයා ලෙසින් කටයුතු කල බිල් ෂෝර්ටන් මහතා ලේබර් පක්ෂයේ නායකත්වයෙන් ඉවත් විය.

ඕස්ට්‍රේලියාවේ ජාතික ආබාධිත රක්‍ෂණ යෝජනා ක්‍රමය හෙවත් N-D-I-S හි ආකෘති සැලසුම සකස් කල පසුගිය ජූලියා ගිලාර්ඩ් කම්කරු රජය යටතේ එයට අදාළ නීති සම්පාදනය කිරීමේදී Bill Shorten ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. ඒ අනුව ඔහු වත්මන් ඇන්තනි ඇල්බනිසි ලේබර් රජයේ ජාතික ආබාධිත රක්‍ෂණ යෝජනා ක්‍රමය භාර අමාත්‍යවරයා ලෙසට තේරී පත්විය.

 **********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න

· SBS සිංහල Facebook පිටුවට

www.facebook.com/sbssinhala

· SBS සිංහල වෙබ් අඩවියෙන්

www.sbs.com.au/sinhala

· SBS Audio APP එකෙන් (Free)


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now