SKIP TO MAIN CONTENT

කොවිඩ් මාරයා හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාව බිලිගනී

ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරයෙකු වුනු මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි

Former Sri Lankan minister Mangala Samaraweera
Former Sri Lankan minister Mangala Samaraweera Source: SBS Sinhala

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අද (24 අගෝ:) අභාවප්‍රාප්ත වී තිබේ. කොවිඩ් වෛරසය ආසාදනය හේතුවෙන් ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.

මංගල සමරවීර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර සංවිධායකවරයා වශයෙන් 1983 වසරේදී දේශපාලනයට පිවිසියේය. ඉන් අනතුරුව ඔහු 1989 වසරේදී මන්ත්‍රීවරයෙකු ලෙසින් පාර්ලිමේන්තුවට ප්[පත්වූයේය.

චන්ද්‍රිකා බණ්ඩාරණායක ආණ්ඩුව යටතේ සමරවීර මහතා හට මුල්ම වතාවට කැබිනට් අමාත්‍යවරයෙකු ලෙසට කටයුතු කිරීමේ අවස්ථාව උදා විණ. පසුව ඒ මහතා එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වුනු අතර වසර 2015 දී පත්වුනු යහපාලන රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. මිය යන විට ඒ මහතා 65 වෙනි වියෙහි පසුවුයේය. අද උදෑසන ශ්‍රී ලංකා වේලාවෙන් ඒ මහතාගේ අභාවය සිදුවී ඇතැයි වාර්තා වේ.


 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now