SKIP TO MAIN CONTENT

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වෙයි

Former minister Mangala Samaraweera passes away
Source: Facebook/ Mangala Samaraweera

1 min read

Published

By Madhura Seneviratne


Skip to article content

කොවිඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 65 වැනි වියෙහි පසුවිය.

1983 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර ප්‍රධාන සංවිධායකවරයා ලෙස දේශපාලනයට පිවිසි සමරවීර මහතා 1989 මහ මැතිවරණයේ දී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේය.

1994 වසරේ මහ මැතිවරණයෙන් පසු ලංකාවේ බිහිවූ බොහෝ රජයන්හි කැබිනට් අමාත්‍ය වරයෙකු ලෙස කටයුතු කළ ඒ මහතා පසුගිය යහපාලන රජය සමයේ මුදල් ආමත්‍යවරයා ලෙස ද කටයුතු කළේය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now