SKIP TO MAIN CONTENT

COVID 19 update 15 August: වසංගතය අතරේ හොරෙන් ඇමතිධුර 3 ක දිවුරුම් දුන් බවට හිටපු අගමැති මොරිසන්ට චෝදනා

2022 අගෝස්තු 15 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

QUESTION TIME
Former Australian Prime Minister Scott Morrison (left) with former Australian Health Minister Greg Hunt (centre) at Parliament House in Canberra. (file) Source: AAP / LUKAS COCH/AAPIMAGE

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS



Skip to article content

Highlights

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 28 ක් වාර්තා වී ඇති අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 15 ක්ද, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 06 ක්ද, දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 04 ක්ද ඊට ඇතුළත් වේ.

ඔස්ට්‍රේලියාවේ නව කොවිඩ් ආසාදිතයින්, රෝහල්ගතවීම් සහ කොවිඩ් මරණ සඳහා නවතම COVID-19 දත්ත මෙතැනින් ලබාගත හැකිය.

COVID-19 වසංගතය ආරම්භයේදී ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති Scott Morrison ඒකාබද්ධ සෞඛ්‍ය, මුදල් සහ සම්පත් අමාත්‍යවරයා ලෙස තමන්වම පත් කළ බවට ඇති ප්‍රකාශයන් පිළිබඳව තම රජය විමර්ශනය කරන බව වත්මන් ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese පැවසීය.

Scott Morrison shadow governmen හෙවත් ඡායා රජයක් පවත්වාගෙන යමින් සිටියා යනුවෙන් අගමැති Anthony Albanese පැවසීය.

COVID-19 වසංගතය සිල්ලර වෙළඳ කටයුතුවල සැලකිය යුතු ලෙස පරිවර්තනයක් කර ඇති බව ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ (ANU) සහ සිඩ්නි විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ පැවසුහ.

ශීඝ්‍රයෙන් වෙනස් වන තාක්‍ෂණික ක්‍රම නිසා සිල්ලර අංශයේ සේවකයන් පසුබසින බව ඔවුහු පැවසූහ.

තමන් අවශ්‍ය තාක්ෂණික කුසලතා සමඟ නොපැමිණෙන්නේ නම් තමන්ට රැකියාව අහිමි වන බව සිල්ලර අංශයේ සේවකයින්ගෙන් 25% ක් පමණ දැන සිටි බව එයින් අනාවරණය කෙරිණි.

වික්ටෝරියානු ප්‍රාන්ත රජය වෛද්‍ය තාක්ෂණය දියුණු කිරීම සඳහා නව වෛද්‍ය තාක්ෂණික පහසුකම් සඳහා අරමුදල් ප්‍රකාශ කර ඇත. ඇතැම් ව්‍යාපෘතිවලට COVID-19, ඉන්ෆ්ලුවෙන්සා සහ වෙනත් ශ්වසන රෝග හඳුනා ගන්නා ක්ෂණික සංවේදකයක් ඇතුළත් වේ.

Bulk billing ක්‍රමය අවසන් කිරීමට තමාට කිසිදු සැලසුමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය Mark Butler, ABC ADELAIDE ගුවන් විදුලියට පැවසීය.

Medicare එහි වසර 40ක පමණ ඉතිහාසය තුළ වඩාත්ම අවිනිශ්චිත තත්ත්වයේ පවතින බව ඔහු පැවසීය.

ටස්මේනියාව COVID-19 ප්‍රජා එන්නත් මධ්‍යස්ථාන අගෝස්තු 30 සිට වසා දැමීමට තීරණය කරයි. ඉන් අනතුරුව ටස්මේනියා වැසියන්ට කොවිඩ් එන්නත් තමන්ගේ පවුලේ වෛද්‍යවරයාගෙන් හෝ ඔසුසැල්වලින් ලබාගත හැකිය.

රෝම ඉලක්කම් භාවිතයෙන් monkeypox ප්‍රභේද නැවත නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වී ඇත. මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විවෘත උපදේශනයක් පවත්වන අතර ඕනෑම පුද්ගලයෙකුට නව නම් යෝජනා කළ හැකිය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now