SKIP TO MAIN CONTENT

වික්ටෝරියා ප්‍රාන්ත ක්‍රිකට් ආයතනයේ සේවය කල දුලිප් සමරවීරට වසර 20 ක සේවා තහනමක් පැනවීමට අදාළ පසුබිම් තොරතුරු

Dulip Samraweera.png
Dulip Samaraweera_ Getty Images/ Scott Barbour

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS


Skip to article content

ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනයේ ආචාරධර්ම කොමිසම (Conduct Commission) දුලිප් සමරවීරට වසර 20 ක තහනමක් පැනවීමට ක්‍රියා කොට තිබේ. ඒ අනුව ක්‍රිකට් ඕස්ට්‍රේලියා හා සම්බන්ද ප්‍රාන්ත හෝ ටෙරටරි ක්‍රිකට් සංගමයක හෝ ඕස්ට්‍රේලියාවේ කාන්තා බිග් බෑෂ් ලීග් වලට සම්බන්ද කිසිදු තනතුරක් දැරීම ඔහුට වසර 20 කට තහනම් වනු ඇත.

මෙම තහනමට හේතුව වී ඇත්තේ ක්‍රිකට් ඕස්ට්‍රේලියා හි චර්යාධර්ම සංග්‍රහයේ 2.23 වගන්තිය උල්ලංඝනය කරමින් දුලිප් සමරවීර නුසුදුසු හැසිරීමක නිරත වූ බවට මෙම චර්යාධර්ම හා සම්බන්ද කොමිසම සොයා ගැනීමයි. ඔහුට එරෙහිව එල්ල වී ඇති මෙම කාන්තා ක්‍රීඩිකාවක් හා සම්බන්ද මෙම නුසුදුසු හැසිරීම් චෝදනා එල්ල වූයේ දුලිප් සමරවීර වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රිකට් වික්ටෝරියා ආයතනයේ රැකියාවක නිරතව සිටියදීය.

ක්‍රිකට් ක්‍රීඩිකාවගෙන් දුලිප් ගේ නුසුදුසු හැසිරීම පිළිබඳව පැමිණිල්ලක් ලැබීමෙන් පසු ක්‍රිකට් වික්ටෝරියා ප්‍රධාන විධායක Nick Cummins සමරවීරගේ ක්‍රියාකලාපය මුළුමනින්ම හෙළා දැකිය යුතු බවට සඳහන් කොට ඇති බව වාර්තා වේ.

දුලිප් සමරවීර වසර 16 කට ආසන්න කාලයක් වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රිකට් කාන්තා වැඩසටහන තුළ විවිධ තනතුරු දැරීය.

දුලිප් සමරවීර වික්ටෝරියානු කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මෙම 2024 වසරේ මැයි මාසයේදී පත් කරන ලද නමුත් එම මාසය අවසානයේදී එම භූමිකාව ආරම්භ කිරීමට පෙර ඔහු ඉන් ඉල්ලා අස්විය. ඔහු මීට පෙර වික්ටෝරියානු කාන්තා කණ්ඩායමේ වැඩබලන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර ඇත.දුලිප් සමරවීර 2008 වසරේ විශේෂඥ පිතිකරණ පුහුණුකරුවෙකු ලෙස ක්‍රිකට් ඕස්ට්‍රේලියා ආයතනයට සම්බන්ද වී තිබේ.

දුලිප් ප්‍රසන්න සමරවීර 1993 සිට 1995 දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් තරග හතකට සහ එක්දින ජාත්‍යන්තර තරග පහකට ක්‍රීඩා කළ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු දකුණත් ආරම්භක පිතිකරුවෙක් වන අතර ඇතැම් අවස්ථා වලදී දකුණත් පිට දඟ පන්දු යවන්නෙක් ලෙසට ද ක්‍රීඩා කොට තිබේ.

ක්‍රිකට් ඕස්ට්‍රේලියා හා අනුබන්ද ඕස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්ත සහ ටෙරටරි වලට අදාළ ක්‍රිකට් ආයතන මෙම ආයතනික ආචාරධර්ම සංග්‍රහය හරහා ඕස්ට්‍රේලියාවේ සියලුම ක්‍රීඩකයින් සහ සේවකයින් සඳහා ආරක්ෂිත පරිසරයක් සැපයීමට කැපවී සිටින අතර අසාධාරණයට ලක්වූවන්ගේ සුභසාධනය සඳහා මැදිහත්වේ.

Source - Cricket Australia


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now