SKIP TO MAIN CONTENT

අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දැනුම් දෙයි

DM Jayarathna
DM Jayarathna - Former Sri Lankan PM Source: SBS Sinhala

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

UPDATED - 

අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දි. මු ජයරත්න මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු ගම්පොල දොලුව ක්‍රීඩාංගණයේදී මෙම 23 වන සෙනසුරාදා සිදුකිරීමට නියමිතය.

හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පසුගිය නොවැම්බර් 19 දා මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වුයේය. අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 88 වන වියේ පසු විය.

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකු වන ඒ මහතා එහි දහතුන්වන සාමාජිකයා ලෙසින් පක්ෂයට සම්බන්ද වී ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වුනු අතර ශ්‍රී ලංකාවේ දහහතර වන අග්‍රාමාත්‍යවරයා ද වෙයි.

 අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දි. මු ජයරත්න මහතා ගේ දේහය මේ වන විට ගම්පොල දොළුව ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර හෙට (22 Nov) එය අවසන් ගෞරව දැක්වීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ඒමට නියමිතය.

-----------------------------------------------------------------------------------------------

Original story

හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ඊයේ ශ්‍රී ලංකා වේලාවෙන් (19 Nov) පස්වරුවේ මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහතුන්වන සාමාජිකයා වන දි.මු. ජයරත්න මහතා අභාවප්‍රාප්ත වන විට 88 වන වියේ පසු විය.

ශ්‍රී ලංකාවේ දහහතර වන අග්‍රාමාත්‍යවරයා වන ඒ මහතා දොළුව විහාරස්ථානයේ සහ ගම්පොල සහිරා විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික විභාගය සමත්වීමෙන් අනතුරුව වසර කිහිපයක් ගුරු වෘත්තිය ද අනතුරුව තැපැල් ස්ථානාධිපතිධුරයක් ද හෙබවීය.

1950 දී මහනුවර දිසා ප්‍රජා මණ්ඩල ලේකම්ධූරයට පත් ඒ මහතා පසුව සමස්ත ලංකා ගම් සභා සභාපති ධූරයට පත්වූහ. වර්ෂ 1970 දී පාර්ලිමේන්තුවට තේරී පත්වූ දි.මු.ජයරත්න මහතා වර්ෂ 1994 දී කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යධූරයට පත්වූහ.

ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබාදීම ඇතුළුව ජනතා සටන්වලදී පෙරමුණගත් දිමු ජයරත්න මහතා අවස්ථා ගණනාවක දී පොලිස් අත්අඩංගුවට පත්වූයේ මහජනතාව වෙනුවෙන් කැපවී කටයුතු කළ නිසාය.

දි.මු.ජයරත්න මහතා, මහවැලි සංවර්ධන හා පරිසර විෂයභාර හිටපු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා ඇතුලු තිදරු පියෙකි.

අභාවප්‍රාප්ත ආචාර්ය දි.මු. ජයරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

වාර්තාකරණය - SBS සිංහල සේවයේ වාර්තාකරු - නදීක දයා බණ්ඩාර 

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now